350
කටාන පොලිස් වසමේ කිඹුලාපිටිය ප්‍රදේශයේ පිහිටි ගිණිකෙළි නිෂ්පාදන කරනු ලබන ස්ථානයක හදිසි ගින්නක් හටගෙන ඇත.
ඊයේ(26) සවස ඇති වූ මෙම ගින්නෙක් වයස අවුරුදු 17, 21 සහ 32 වියෙහි පසුවන එහි සේවකයන් තිදෙනෙකු තුවාල ලබා මීගමුව රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා තිබේ.
අධික උෂ්ණත්වය හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවට පොලිසිය සැක කරයි.
කටාන පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.