කොලරා රෝගය ව්‍යාප්ත වී ඇතැයි අනාවරණය වීමෙන් නෝර්වේ රාජ්‍යයට අයත් මගී නෞකාවකට පෝර්ට් ලුයිස් අගනුවර වරායට පිවිසීම මුරුසියේ රජය විසින් තහනම් කරනු ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රටේ සෞඛ්‍ය අවදානම සැලකිල්ලට ගෙන එම පියවර ගෙන ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ. මගීන් 2,184 දෙනකු සහ කාර්ය මණ්ඩලයේ 1,026 දෙනකු සිටින බව කියන එම නෞකාවේ කොලරා රෝගය වැලඳුණු බවට සැක කරන රෝගීන් 15 දෙනකු නෞකාවේ හුදෙකලා කර ඇතැයි ද, ඔවුන්ගේ මලපහ සාම්පල පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර, එහි ප්‍රතිඵල අද දිනයේදී ලැබෙනු ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
නෞකාවේ බොහෝ මගීන් අතර උදරයේ වේදනාව වැනි කොලරා රෝග ලක්ෂණ පවතින බවත් වැඩිදුරටත් වාර්තා වේ. අප්‍රිකානු රටවල් රැසක මේ වන විට කොලරා ව්‍යාප්තියේ අවදානමක් මතු වී ඇති අතර, මේ වසරේ ජනවාරියේ සිට දකුණු අප්‍රිකානු රටවල් 7කින් කොලරා රෝගීන් ලක්ෂ දෙකකට ආසන්න සංඛ්‍යාවක් සහ මරණ තුන්දහසකට වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබේ.