Home » ගාල්ල කොටුවේ ස්ථාපිත සියලු අධිකරණ වෙනත් තැනකට

ගාල්ල කොටුවේ ස්ථාපිත සියලු අධිකරණ වෙනත් තැනකට

by chanaka
February 27, 2024 12:23 pm 0 comment

ඉදි කරමින් පවතින ගාල්ල බෙලිගහ නව අධිකරණ සංකීර්ණයේ කටයුතු නිරීක්ෂණය කිරීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහභාගි විය.

නව අධිකරණ සංකීර්ණය සම්බන්ධව පවතින බාධාවන් මග හරවා ගනිමින් ඉදි කිරීම් කටයුතු කඩිනම් කරන ලෙස අධිකරණ අමාත්‍යතුමා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

අධිකරණ සංකීර්ණයේ ඉදි වන පහසුකම් පිළිබදව විශේෂ අවධානය යොමු වු අතර, අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීම හා පවතින ගැටළු පිළිබදව තවදුරටත් සාකච්ඡා කිරීමට මෙහිදී තීරණය විය.

ගාල්ල කොටුවේ දැනට ස්ථාපිත සියලු අධිකරණ ගාල්ල බෙලිගහ ප්‍රදේශයේ ඉදි වන නව අධිකරණ සංකීර්ණයේ වැඩ අවසන් කිරීමෙන් අනතුරුව එම ස්ථානයට ගෙන ඒමට නියමිතය.

මහල් හතරකින් ඉදි වන මෙම අධිකරණ සංකීර්ණය සදහා රුපියල් මිලියන 1200 ක මුදලක් ඇස්තමේන්තු ගත කර තිබේ.

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, කෘෂි කර්ම රාජ්‍ය අමාත්‍ය නීතිඥ, මොහාන් ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රි සම්පත් අතුකෝරාල, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, නීතිඥවරුන් මෙම අවස්ථාවට එක් වුහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT