Home » සරසවි සිසුන්ට මත් පෙති විකුණු ජාවාරම්කරුවන්

සරසවි සිසුන්ට මත් පෙති විකුණු ජාවාරම්කරුවන්

by chanaka
February 27, 2024 12:18 pm 0 comment

මිහින්තලේ සරසවි සිසුන් හට මත් පෙති අලවි කල ජාවාරම් කරුවන් දෙදෙනෙකු Pregabalin Capsules නැමැති මත් පෙති 700 ක් සමග අත් අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා බුද්ධි අංශ සමත්ව ඇත.

මෙලෙස අත් අඩංගුවට පත්ව ඇත්තේ 24 හා 28 හැවිරිදි මිහින්තලය ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙකි.
අනුරාධපුර ශ්‍රී ලංකා යුද්ධ හමුදා බුද්ධි අංශ නිලධාරින්ට ලද තොරතුරක් මත ඊයේ (26) රාත්‍රියේ එම නිලධාරින් කැබිතිගොල්ලෑව සුරාබදු නිලධාරින් සමග එක්ව මෙම වැටලීම සිදු කර තිබුණි.

මොවුන් මෙම ජාවාරම මැදවච්චිය, කැබිතිගොල්ලෑව, හොරොව්පොතාන, කහටගස්දිගිලිය ඇතුලු නගර ඉලක්ක කර ගනිමින් මීට පෙර සිදු කර ඇත.

අනතුරුව මිහින්තලය ප්‍රදේශයේ තාවකාලික ලැගුම්හලකට වී සරසවි සිසුන් ඉලක්ක කර ගන්මින් දීර්ගකාලීනව මෙම ජාවාරමේ යෙදුන ප්‍රධාන සැකකරුවන් තිදෙනෙකු එහිදී සිට ඇති අතර වැටලීම සිදු කර ඇති අවස්තාවේ එක් සැකකරුවෙකු පැන ගෙස් තිබුණි. අනතුරුව සැකකරුවන් දෙදෙනෙකු සහ යතුරුපැදියක් සමග මත් පෙති 700 ක් අත් අඩංගුවට ගැනීමට එම නිලධාරින් සමත්ව තිබේ.

අනතුරුව සැකකරුවන් සමග අත් අඩංගුවටගත් භාණ්ඩ අනුරාධපුර මහ්‍රේත්‍රාත් වෙත ඉදිරිපත් කර ඇත. එහිදී සැකකරුවන් ඇප මත නිදහස් කර අති අතර ලබන මස 2024.02.29 වන දින අනුරාධපුර මහේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වන ලෙස නියෝග කර තිබුණි.

මැදවච්චය – සජිත් ගයාන් උබේපාල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT