Home » ඉන්ධන බෙදන්න ඔස්ට්‍රේ­ලි­යානු සමා­ග­ම­කුත් එයි

ඉන්ධන බෙදන්න ඔස්ට්‍රේ­ලි­යානු සමා­ග­ම­කුත් එයි

by Gayan Abeykoon
February 27, 2024 1:28 am 0 comment

රක්ෂණ ශ්රියන්ත

යුන­යි­ටඩ් පෙට්‍රෝ­ලි­යම් ඔස්ට්‍රේ­ලියා සමා­ගම මෙරට වෙළෙ­ඳ­පො­ළට ඛනිජ තෙල් නිෂ්පා­දන සැප­යීම සඳහා බල­ශක්ති අමා­ත්‍යාං­ශය සමඟ
ගිවි­සුම්ගත වී තිබේ.  එම සමා­ග­මට ඛනිජ තෙල් නීති­ගත සංස්ථා­වට අයත් සිපෙට්කෝ පිර­වු­ම්හල් 150ක් මෙම ගිවි­සුම හරහා පවරා ඇති අතර,  ඊට අම­ත­රව නව පිර­වු­ම්හල් 50ක් ඉදි­ කි­රී­ම­ටත් අව­සර හිමිව ඇත.

එම සමා­ගම ‘යුන­යි­ටඩ් පෙට්‍රෝ­ලි­යම් ලංකා ලිමි­ටඩ්’ ලෙස මෙරට ලියා­ප­දිංචි කර ඇති අතර ඉන්ධන බෙදා හැරීමේ මෙහෙ­යුම් නුදු­රේ­දීම ආරම්භ කරන බව විදු­ලි­බල හා බල­ශක්ති අමා­ත්‍යාං­ශය පව­සයි. ඉන්ධන වෙළ­ඳාම සම්බ­න්ධ­යෙන් එම සමා­ගම සහ විදු­ලි­බල සහ බල­ශක්ති අමා­ත්‍යාං­ශය අතර ගිවි­සුම පසු­ගිය 22 වැනිදා අත්සන් තබා තිබේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT