139
නැඟෙනහිර සහ ඌව පළාත්වල පවතින වියලි කාලගුණ තත්ත්වයේ තාවකාලික වෙනසක් අද(26) සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කාලගුණ අනාවැකියක් නිකුත් කරමින් සඳහන් කරයි.
අද දිනයේ නැඟෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇතිවන බවත් බස්නාහිර, සබරගමුව, පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එහි සඳහන් වේ. මධ්‍යම කඳුකරයේ නැඟෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුර, උතුරු-මැද, දකුණ, වයඹ, ඌව සහ නැඟෙනහිර පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී 30-40ක පමණ තරමක තද සුළං ඇති විය හැක.
උපාලි
කරුණාරත්න