Monday, April 21, 2025
Home » ලක්ෂ 12ක කුඩු එක්ක තඹුත්තේගම කුඩු අක්කා අත්අඩංගුවට

ලක්ෂ 12ක කුඩු එක්ක තඹුත්තේගම කුඩු අක්කා අත්අඩංගුවට

by sachintha
February 22, 2024 12:00 am 0 comment

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින කොස්ගොඩ සුජීව සහ රැවුල් කුමාර සමඟ ඍජු දුරකතන සම්බන්ධතා පවත්වාගෙන යමින් අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා හෙරොයින් මත්කුඩු බෙදා හැරීමේ නිරතව සිටි Òතඹුත්තේගම කුඩු අක්කාÓ නමින් ප්‍රචලිත කාන්තාවක් සහ ඇගේ සැමියා ලක්ෂ 12කට ආසන්න හෙරොයින් මත්කුඩු සමඟ පෙරේදා (20) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ රාජාංගණය පහේ කණුව, රන්දෙණිගම ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි වියේ පසු වන කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකි. සැකකාර කාන්තාව අත්අඩංගුවට පත් වූ පසුව ද බන්ධනාගාර ගතව සිටින ප්‍රධාන ජාවාරම්කරුවන් හට දුරකතන ඇමතුම් ලබා ගත් බවත් ඒවායේ හඬපට තිබෙන බවද පොලිසිය පවසයි. මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත කොස්ගොඩ තාරකගේ සහෝදරයකු වන කොස්ගොඩ සුජීව සහ රැවුල් කුමාර යන සැකකරුවන් බූස්ස බන්ධනාගාරයේ එකම කාමරයක රඳවා සිටින බවත් ඔවුන් ජංගම දුරකතන ඔස්සේ සැකකාරිය සමඟ සම්බන්ධ වෙමින් ‘ඊසි කෑෂ්’ ක්‍රමයට මෙම ජාවාරම සිදු කර ගෙන ගිය බව අනාවරණය කර ගත් බවද පොලිසිය පවසයි.

එම ජාවාරමටම සම්බන්ධ කාන්තාව මිනුවන්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයකු විසින් ලබා දෙන හෙරොයින්, තම සැමියා සමඟ එක්ව විවිධ ස්ථානවල සඟවන බවත් ඊට අදාළ මුදල් ගිණුම් ගත වූ පසු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් හට අදාළ මත්ද්‍රව්‍ය සැඟවූ ස්ථානය හෙළි කරන බව පොලිසිය සඳහන් කළේය.

අනුරාධපුර පොලිස් වසමේ ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ ස්ථානයක හෙරොයින් මත්කුඩු සැඟවීමට යාමේදී අදාළ සැකකාරිය සහ සැකකරු අත්අඩංගුවට ගත් බවත් එම අවස්ථාවේ ඔවුන් සතුව මත්කුඩු ග්‍රෑම් 15ක් තිබී හමු වූ බවද පොලිසිය සඳහන් කළේය. අත්අඩංගුවට ගත් සැකකාරිය සහ සැකකරු ඊයේ (21) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

උතුරු මැද දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන මහතාගේ උපදෙස් මත අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේවා පතිරණ මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද ගුණසේකර, උප පොලිස් පරීක්ෂිකා ප්‍රියදර්ශනී, පොලිස් සැරයන්වරුන් වන බණ්ඩාර (48317), නිශාන් (61406), රාජරත්න (66934), සමන් (71544), පොලිස් කොස්තාපල්වරුන් වන විජේරත්න (66935), අජිත් (70066), පො.කො. රියැදුරු අලහකෝන් ((80594) ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම වැටලීම සිදු කළහ.

අනුරාධපුර සංචාරක – සශිනි මධුෂානි

හිඳෝගම සමූහ – අනුරාධපුර අතිරේක – අමිල ප්‍රභාත් වනසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT