168
ගාල්ල පැරණි වරායේ ජැටිය ආසන්න මුහුදේ තිබී 12 වැනි හෝ 13 වැනි සියවස්වලට අයත් යැයි සැලකෙන ගල් නැංගුරමක් හමු වී ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා ඒකකය පවසයි.
මෙම ස්ථානයේ පැරණි නැංගුරම් කිහිපයක්, නැංගුරම් ලෙස භාවිත කළ එකට ගැට ගැසූ කාලතුවක්කු දෙකක් ආදි අවශේෂ කිහිපයක්ම දක්නට ලැබී තිබේ.
කෙසේ වුවද අවස්ථා කිහිපයකදීම මුහුදු පුරාවිද්‍යාඥයන්ගේ නිරීක්ෂණයට ලක්ව තිබූ මෙම ගල් නැංගුරම 12-13 වැනි සියවස් තරම් අතීතයට අයත් බව තහවුරු කරගෙන ඇත්තේ පසුගිය දිනවලදීය.
කරාපිටිය සමූහ – එස්. ලොකුකරවිට,
ගාල්ල දිසා සමූහ – නන්දසිරි වැලිගමගේ