Home » ගංගාරාම නවම් මහා පෙරහර මේ පුන් පොහෝ දින

ගංගාරාම නවම් මහා පෙරහර මේ පුන් පොහෝ දින

by sachintha
February 22, 2024 12:50 am 0 comment

දෙස් විදෙස් ජනයාගේ ගෞරවාදරයට පාත්‍ර වූ ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර එළඹෙන පොහෝ දින (23) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

මෙවර නවම් මහා පෙරහර පැවැත්වෙන්නේ 45 වැනි වරට බව කොළඹ ගංගාරාම විහාරවාසී ආචාර්ය කිරින්දේ අස්සජි නායක හිමියෝ ‘දිනමිණට’ අදහස් දක්වමින් පැවසූහ.

මෙවර පෙරහර නැරඹීමට එන බැතිමතුන් උදෙසා වෙනදා මෙන් ආසන පහසුකම් සැපයීම, සනීපාරක්ෂක ස්ථාන සැකසීම, මහජන ආරක්ෂාව සැලසීම වැනි කරුණු පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර තිබේ. මෙවරත් ලංකාවේ සියලු නාළිකා නවම් මහා පෙරහර සජීවීව විකාශනය කිරීමට ද සියලු කටයුතු සංවිධානය කර ඇත.

1979 වසරේ ඇරඹි ගංගාරාම නවම් මහා පෙරහර තුනුරුවන් කේන්ද්‍ර කර ගනිමින් සිදු කරන පූජාවක් ලෙස හැඳින්විය හැකියි. ගංගාරාම නවම් මහා පෙරහර රටේ සංස්කෘතික පාර්ශ්වය පෝෂණය කිරීම උදෙසා දක්වන දායකත්වය අතිමහත්ය. එම පෙරහරේ ආරම්භයට හේතු පාදක වී තිබෙන්නේ කලින් අගනුවර තිබූ ඇසළ පෙරහරය. ගංගාරාම කුලඟන සමිතිය ඒ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කර තිබේ.

නවම් මාසයේ පෙරහර ආරම්භ කිරීමට හේතු කාරණා වූ සිදුවීම් කිහිපයකි. ඉන් එකක් නම් නවම් මාසයට විදේශිකයන් බොහෝ ප්‍රමාණයක් ලංකාවට පැමිණීමය. අනෙක නවම් පොහොයේ තිබෙන ශාසනික වැදගත්කමය. බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් ඕවාද ප්‍රාතිමෝක්ෂය පැවැත්වීම එම සුවිශේෂ ශාසනික කාරණයයි.

රක්ෂණ ශ්‍රියන්ත සහ සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT