Home » සත්‍ය-සමගිය සංහිඳියාව කෙටුම්පතට මල්වතු අස්ගිරි මහනාහිමි ප්‍රසාදය

සත්‍ය-සමගිය සංහිඳියාව කෙටුම්පතට මල්වතු අස්ගිරි මහනාහිමි ප්‍රසාදය

by sachintha
February 22, 2024 12:48 am 0 comment

සත්‍ය, සමගිය සහ සංහිඳියාව සඳහා වූ කොමිසමේ පනත් කෙටුම්පත පිළිබඳ මල්වතු, අස්ගිරි මහනාහිමිපාණන්

වහන්සේලාගේ ප්‍රසාදය පළ කෙරිණි.

සත්‍ය හා ප්‍රතිසන්ධාන යන්ත්‍රණයේ අන්තර්වාර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අසංග ගුණවංස මහතා ඇතුළු නිලධාරීන් විසින් පසුගියදා මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානායක හිමිපාණන් වහන්සේ සහ අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ බැහැදැක එම කෙටුම්පත පිළිගැන්වීය.

පනත් කෙටුම්පත පිළිබඳ සිය ප්‍රසාදය පළ කළ උන් වහන්සේලා එය තවදුරටත් සමාලෝචනය කර ඒකාබද්ධ අදහසක් ඉදිරිපත් කිරීමට ද එකඟ වූහ.

සත්‍ය හා ප්‍රතිසන්ධාන යන්ත්‍රණයේ අන්තර්වාර ලේකම් කාර්යාල ක්‍රියාවලියේ ප්‍රගතිය පිළිබඳව ද නිලධාරීන් විසින් මෙහිදී වැඩිදුරටත් මහනාහිමිවරු දැනුම්වත් කරනු ලැබීය.

මහවෙල රතනපාල ස්වාමීන් වහන්සේ, ආචාර්ය මුරුද්දෙණියේ ධර්මරතන ස්වාමීන් වහන්සේ සහ සත්‍ය හා ප්‍රතිසන්ධාන යන්ත්‍රණයේ අන්තර්වාර ලේකම් කාර්යාලයේ අංශ ප්‍රධානී (ප්‍රතිපත්ති) ආචාර්ය සී.වයි. තංගරාජා, මහජන සම්බන්ධතා විධායක දනුෂි ද සිල්වා, ජ්‍යෙෂ්ඨ නීති විධායකයන් වන යස්මදා ලොකුනාරංගොඩ, දුලාන් දසනායක, සම්බන්ධීකාරක එස්.ඩී. කොතලාවල යන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට සහභාගි වූහ.

ශිරෝමි අබයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT