441
ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන විස්සයි විස්ස තරගාවලියේ අවසන් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.
සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන සහ අවසන් විස්සයි 20 තරගය අද (21) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතය.
ඒ අනුව, අද තරගය සඳහා කුසල් ජනිත් පෙරේරා, අකිල ධනංජය සහ නුවන් තුෂාර කණ්ඩායමට කැඳවීමට නියමිත බවත් ධනංජය ද සිල්වා, මහීෂ් තීක්ෂණ සහ බිනුර ප්‍රනාන්දු විවේක ගැන්වීමට නියමිත බවත් අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.
එමෙන්ම කමිඳු මෙන්ඩිස්ට ද අද තරගයේදී අවස්ථාවක් හිමිවනු ඇති බවද වාර්තා වේ.