Home » මයික් ප්‍රොක්ටර් දිවි ඉනිම නිම කරයි

මයික් ප්‍රොක්ටර් දිවි ඉනිම නිම කරයි

by sachintha
February 21, 2024 12:18 am 0 comment

දකුණු අප්‍රිකාවෙන් බිහි වූ විශිෂ්ටතම තුන්ඉරියව් ක්‍රීඩකයකු වූ මයික් ප්‍රොක්ටර් මෙලොව හැර ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 77 හැවිරිදි වියෙහි පසු වූ ප්‍රොක්ටර් ජීවිතක්ෂයට පත් වූයේ සැත්කමක් අතරතුර හදිසි හෘදයාබාධයක් වැලඳීමෙන් බව ඔහුගේ බිරිය මර්යානා දකුණු අප්‍රිකානු ‘නිව්ස්24‘ පුවත් සේවයට සඳහන් කර ඇත.

වර්ණභේදවාදය හේතුවෙන් දකුණු අප්‍රිකාව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තහනමට ලක් වෙද්දී ටෙස්ට් තරග 7කට ක්‍රීඩා කර තිබූ ප්‍රොක්ටර් අනූව දශකයේ මුල් භාගයේදී නැවත අයිසීසී සාමාජිකත්වය ලැබීමෙන් පසු එරට පළමු පුහුණුකරු ලෙස ද කටයුතු කළේය. 1992 එක්දින ලෝක කුසලාන තරගාවලියේදී දකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ ඔහුගේ පුහුණුකාරීත්වය යටතේය. පසුකාලීනව ඔහු අයිසීසීයේ තරග තීරකවරයකු ලෙස කටයුතු කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT