ආණ්ඩුව ලබා දුන් ණය ගෙවීමේ සහන කාලය වාණිජ බැංකු වාසියට හරවාගෙන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ණය මරඋගුලකට හසුකර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) ප්‍රකාශ කළේය.
තවදුරටත් විපක්ෂ නායකවරයා මෙසේ ද පැවැසීය.
“කොවිඩ් සමයේ ව්‍යාපාරවලට ණය මුදල් ගෙවීමට සහනයක් ලබා දුන්නත් වාණිජ බැංකු ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය තුළ මෙරට ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ගැටලු රැසකට මුහුණ දෙනවා. වාණිජ බැංකු ණය නොගෙවූ කාලයට අදාළ මුදල් අලුත් කොටසක් ලෙස ණයක් බවට පරිවර්තනය කිරීම හේතුවෙන් ව්‍යාපාරිකයන් දැඩි ලෙස අසරණ වී තිබෙනවා.
මෙම ක්‍රමය යටතේ පළමු ණය වාරිකය සහ පොලී මුදල ණය මුදල බවට පත් වීමත් ණය නොගෙවූ කාලයේ ණය මුදල් හා පොලිය ද ණය මුදලක් බවට පත්වීම නිසා මෙම ව්‍යාපාර ආයතන පරාටේ නීතිය යටතේ වෙන්දේසි වෙනවා.
දළ දේශීය නිෂ්පාදිතයට 50%ක දායකත්වයක් මෙන්ම රැකියා නියුක්තියට 52%ක දායකත්වයක් ලබා දෙන මේ පුද්ගලයන් සහ බැංකු පද්ධතිය ආරක්ෂා කර ගැනීමට ආණ්ඩුව කටයුතු කළා. මේ පිරිස තවදුරටත් අන්දවන්නේ නැතිව පරාටේ නීතිය තාවකාලිකව නතර කරන ලෙස ඉල්ලා සිටිනවා.
ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ණය උගුලකට හසුවී තිබෙනවා. වෙන්නප්පුව මෙන්ම මුළු රටේම ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් අසීමිත පීඩනයකින් අසහනයකින් සිටිනවා. මොවුන්ගේ කර්මාන්ත විනාශ වන නිසා කඩිනම් විසඳුමක් අවශ්‍යයි.”