ගම්පහ දිස්ත්‍රික් රාජ්‍ය විධායක නිලධාරීන්ගේ සංගමයේ තිස් වැනි සාංවත්සරික මහා සභා රැස්වීම පසුගියදා (18) ගම්පහ සාකෙත උත්සව ශාලාවේ දී පැවැත්විණි.එහිදී 2024 සඳහා තෝරා පත් කර ගත් නව නිලධාරී මණ්ඩලය මෙසේය. සභාපති- සුරංගා ගුණතිලක,ලේකම් – මර්වින් ජයසුන්දර,භාණ්ඩාගාරික- ඒ. ඩී. ජයසේකර,නියෝජ්‍ය ලේකම් – සුනිල් සමරවීර,උප සභාපතිවරු- ලක්‍ෂ්මන් හේවාපන්න,ගුණපාල පතිරණ මහත්වරුන්. මෙහි විශේෂත්වය වන්නේ පසුගිය වසර 25 තුළ ලේකම් තනතුර දැරුවේ මර්වින් ජයසුන්දර මහත්ම මහත්මීන්. ඒ ඔහු මේ සංගමයට කළ කැපවීම හේතුවෙනි.ගම්පහ දිස්ත්‍රික්කයේ දිසාපති ඇතුළු රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්,රාජ්‍ය බැංකුවල කළමනාකරුවන්, රෝහල් අධ්‍යක්ෂවරුන්,පොලිස් ප්‍රධානීන්, උසාවි රෙජිස්ට්‍රාර්, තැපැල්, දුම්රිය ස්ථානාධිපතිවරුන් මේ සංගමයේ සාමාජිකත්වය ලබා ඇත.
රාජ්‍ය සේවයේ යෙදී සිටින නිලධාරීන්ගේ අන්‍යෝන්‍ය සුහදතාව තහවුරු කරමින් ජනතාවට අවශ්‍ය සේවා උපරිම ආකාරයෙන් ලබාදීමත් රාජකාරි කටයුතු පහසුවෙන් ඉටුකර ගැනීමට ආයතන අතර සම්බන්ධීකරණ කරගැනීමටත් මේ සංගමයේ මූලික අරමුණයි.
මෙයට අමතරව සමාජ සත්කාරක සේවාවන් හා පුණ්‍ය කටයුතුත් සිදු කෙරේ. සාමාජිකයා කැමතිනම් ස්ථාන මාරුවීම් ලැබ ගියත් විශ්‍රාම ගියත් සාමාජිකත්වයේ සිටිය හැකිය.