Sunday, April 20, 2025
Home » ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 138 වැනි ජන්ම දින පින්කම් මාලාව අද සහ හෙට

ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 138 වැනි ජන්ම දින පින්කම් මාලාව අද සහ හෙට

by sachintha
February 21, 2024 1:45 am 0 comment

 

ලේකහවුස් නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 138 වැනි ජන්ම දින සැමරුම නිමිත්තෙන් සංවිධාන කරන සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය ලේක්හවුස් මන්දිරයේදී අද (21) පැවැත්වේ.

රාත්‍රී 9ට සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය ආරම්භ වන අතර කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේ සහ හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ මහා සංඝරත්නය ඊට සහභාගි වෙති.

පරිත්‍රාණ ධර්ම දේශනය සඳහා මහා සංඝරත්නය වැඩම කරවීමේ අභිමානවත් පෙරහර රාත්‍රී 8.45ට සම්බුද්ධාලෝක විහාරස්ථානයෙන් පිටත් වේ. ජාතික රූපවාහිනිය සහ ගුවන්විදුලි සංස්ථාව මඟින් පිරිත් දේශනය සජීවීව විකාශය කෙරේ.

මහා සංඝරත්නය විසිපස් නමක් විෂයයෙහි දහවල් දානමය පින්කම හෙට (22) සිදු කෙරේ.

කොළඹ කොටුව සම්බුද්ධාලෝක විහාරස්ථානයේ විහාරාධිපති මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්ද්‍රසර හිමිපාණන්ගේ හා හුනුපිටියේ ගංගාරාමාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජී හිමිපාණන්ගේ අනුශාසනා පරිදි ලේක්හවුස් ආයතනයේ අනුග්‍රහයෙන් හා බෞද්ධ සංගමයේ මෙහෙයවීමෙන් මෙම පින්කම පැවැත්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT