ඉන්දු ශාන්තිකර කලාපයේ (Indo- Pacific) ප්‍රංශ තානාපතිවරයා වශයෙන් කටයුතු කරනු ලබන Marc ABENSOUR මහතා නිල හමුවක් සඳහා පෙරේදා (19) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා හමු විය.
මේ නිල හමුවේදී නාවික හමුදාපතිවරයා සහ ඉන්දු ශාන්තිකර කලාපයේ ප්‍රංශ තානාපතිවරයා අතර ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක් පැවැත්වුණු අතර, එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලයේ Military Technical Cooperation Officer in charge of maritime safety, Commander Jean – Baptiste TROUCHE සහ නාවික හමුදාපතිගේ නාවික සහායක කොමදෝරු කෝසල වර්ණකුලසූරිය ඇතුළු පිරිසක් සහභාගී විය.
එම අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාපතිවරයා විසින් ඉන්දු ශාන්තිකර කලාපයේ ප්‍රංශ තානාපතිවරයා වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කිරීම සිදු කෙරිණි.
රක්ෂණ ශ්‍රියන්ත