Home » රුසියානු විපක්ෂ නායකගේ මරණ පරීක්ෂණයට සති දෙකක්

රුසියානු විපක්ෂ නායකගේ මරණ පරීක්ෂණයට සති දෙකක්

by sachintha
February 21, 2024 1:40 am 0 comment

බන්ධනාගාරයකදී මිය ගිය රුසියාවේ විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නිගේ සිරුර පවුලේ සාමාජිකයන්ට භාර දීමට සති දෙකක කාලයක් ගතවන බවට බලධාරීන් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. නවාල්නිගේ නියෝජිතයන් මේ බව ඔහුගේ මවට දැනුම් දී ඇතැයි ද වාර්තා වේ. මළ සිරුර සම්බන්ධව රසායනික විශ්ලේෂණයක් සිදු කිරීමට අවශ්‍ය වී ඇතැයි බලධාරීන් දැනුම් දුන් බවත් ඔහුගේ නියෝජිතයන් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

එසේ වුවද නවාල්නිගේ මළ සිරුර රඳවා තබා ඇති ස්ථානය මෙතෙක් දැනුම් දී නැති බවත්, එම තොරතුරු සොයා ගැනීමට නවාල්නිගේ මව සහ නියෝජිතයන් බන්ධනාගාරය අවට ප්‍රදේශ රැසක සැරි සැරූ බවත් වැඩිදුරටත් වාර්තා වේ.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් මොස්කව් නුවර නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ නවාල්නිගේ මරණය පිළිබඳ විමර්ශන කටයුතු මෙතෙක් අවසන් වී නැති බවය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT