Home » ආසියා පැසිෆික් කලාපයේ ප්‍රධාන ආහාරයට ශ්‍රී ලංකාවේ රතු සහල්

ආසියා පැසිෆික් කලාපයේ ප්‍රධාන ආහාරයට ශ්‍රී ලංකාවේ රතු සහල්

by chanaka
February 21, 2024 2:57 pm 0 comment

ආසියා පැසිෆික් කලාපයට අයත් රටවල්වලට පමණක් නොව බත් අනුභව කරන සියලු රටවල පරිභෝජනයට සුදුසුම සහල් විශේෂය ශ්‍රී ලංකාවේ රතු සහල් ලෙස නම් කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (21) එක්සත් ජාතින්ගේ සංවිධානයේ 37 වන ආසියා පැසිෆික් කලාපීය සමුළුවට යෝජනාවක් ඉදිරිපත් කළේය.

මෙම සමුළුවේ අවසන් දින වැඩ සටහන් අද පෙරවරුවේ ආරම්භ වූ අතර එහි දී One Country, One priority crop තේමාව යටතේ එක් රටක්, එක මුලික බෝගයක් වැඩ සටහන පැවැත්විනි.

37 වන ආසියා පැසිෆික් කලාපීය සමුළුවේ සභාපතිවරයා වශයෙන් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකාවේ පමණක් නිෂ්පාදනය කරන රතු සහල් ආසියා පැසිෆික් කලාපීය රටවල පරිභෝජනය සඳහා සුදුසු එකම සහල් ප්‍රභේදය ලෙස නම් කරන්නැයි යෝජනා කළේය.

ශ්‍රී ලංකාවේ දකුණු පළාතට පමණක් සීමා ව තිබු සතු සහල් මේ වනවිට සමස්ත රටපුරාම වගා කරන සහල් ප්‍රභේදයකි. එමෙන්ම මේවනවිට බොහෝ දෙනෙක් බහුලවම පරිභෝජනය කරන සහල් ප්‍රභේදය බවට රතු සහල් පත්වී තිබේ.මෙම සහල් ප්‍රභේදය ශ්‍රී ලංකාවේ හැර අන් කිසිදු රටක වගා කෙරෙන්නේ නැත. දියවැඩියාව වැනි බෝ නොවන රෝග රැසක් වළක්වා ගැනීමටත් විටමින්, ඛනිජ ලවණ මෙන්ම තන්තුමය කොටස් බහුල වශයෙන් තිබෙන ලොව එකම සහල් ප්‍රභේදය වන්නේ ද ශ්‍රී ලංකාවේ රතු සහල් බව සෞඛ්‍ය අංශ සනාථ කර ඇතැයි ද අමාත්‍යවරයා කීය.

රතු සහල් පහසුවෙන් වගා කළ හැකි වීමත්, පරිබෝජනයට ඉක්මනින් ඇබ්බැහිකරවීමටත් ඇති හැකියාව පෙන්වා දුන් අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අනුමැතිය ලබා දෙන්නේ නම් ශ්‍රී ලංකාව රතු සහල් වගා කරන ලෝකයේ එකම රට ලෙස ඊට අවශ්‍ය පියවර ගැනීමට සුදානම් බව ප්‍රකාශ කළේය. මෙතෙක් ලෝකයේ වී වගා කරන කිසිදු රටක අපේ රතු සහල් වැනි පෝෂණ මට්ටමින් ඉහළ සහල් විශේෂයක් නිෂ්පාදනය කෙරෙන්නේ නැත.

අපේ රටේ රතු සහල්වලට සමාන කළ හැකි අන් කිසිදු සහල් විශේෂයක් නොමැති බව තමන්ට විශ්වාසයැයි ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT