ශ්‍රී ලංකා වූෂූ සම්මේලනය සංවිධානය කරන 18 වන ජාතික වූෂූ ශූරතා තරගාවලිය එළඹෙන මාර්තු මස 10 දින සිට මාර්තු13 දින දක්වා මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව එම සම්මේලනයේ ලේකම් විජිත් එදිරිසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටීයි .
එහිදී 03/10 දින දහවල් 12.00 සිට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ කණ්ඩායම් ලියාපදිංචි කිරීම සිදු කිරීමට සැළසුම් කර තිබේ .
මෙම ශූරතා තරගාවලිය තුළ තාඔලු( නර්තන අංශය ) දුෂ්කර අභ්‍යාස ඉසව් සහ අන්තර්ජාතික වූෂූ ඉසව් ලෙස පවත්වනු ලබන අතර සාම්ප්‍රදායික වූෂූ ( කුන්ෆු ) ඉසව් ද පැවැත්වීමට නියමිතය .
මෙහිදී තාඔලු ඉසව් සදහා සහභාගී වීමට වයස අවුරුදු 16 ඉක්මවා පැවතිය යුතු අතර සම්ප්‍රදායික ඉසව් සදහා වයස් සීමාවකින් තොරව සහභාගි විය හැකිය .
සන්දා ( ද්වන්ධ සටන් ) තරග පිරිමි අංශය සදහා කිලෝ ග්‍රෑම් 48 සිට කිලෝ ග්‍රෑම් 90+ මට්ටම දක්වා බර පංති 11 යටතේ සහ කාන්තා අංශයේ තරග කිලෝ ග්‍රෑම් 48 සිට කිලෝ ග්‍රෑම් 75 දක්වා බර පංති 07 ක් යටතේ පැවැත්වීමට නියමිතය .
මේ තරග සදහා සහභාගී වන සියලු දෙනා වයස අවුරුදු 18 සම්පූර්ණ කර තිබිය යුතු අතර වයස අවුරුදු 40 නොඉක්මවා පැවතිය යුතුය .
මෙම තරග ඉසව් වලින් ජයග්‍රහණය හිමි කර ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් ජාතික වූෂූ සංචිතය සකස් කරනු ලබන අතර ඔවුන් එළඹෙන 04/21 සිට 04/26 දක්වා චීනයේ පියාංශු පළාතේ පැවැත්වෙන අතිරේක ලෝක ශූරතා තරගාවලියට සහ එළඹෙන සැප්තැම්බර් මස චීනයේ මැකාවෝ හි පැවැත්වෙන ආසියානු වූෂූ තරගාවලියට සහභාගී කර වීමට නියමිතය .
මෙම තරගාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ක්‍රීඩා , යෞවන කටයුතු සහ සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහභාගී වීමට නියමිතය .