Home » නවගමුව M.D.H. ජයවර්ධන ප්‍රාදේශීය රෝහල දිසා රෝහලක් කරන්න සැලසුම්

නවගමුව M.D.H. ජයවර්ධන ප්‍රාදේශීය රෝහල දිසා රෝහලක් කරන්න සැලසුම්

by chanaka
February 20, 2024 5:06 pm 0 comment

ප්‍රාදේශීය රෝහලක් ලෙස දැනට ක්‍රියාත්මක වන නවගමුව M.D.H. ජයවර්ධන ප්‍රාදේශීය රෝහලෙහි ඇති පහසුකම් හා අඩුපාඩු පිළිබඳව නිරීක්ෂණ චාරිකාවක් සඳහා අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සහභාගීත්වයෙන් අද (20) පස්වරුවේ එක් විය.

මෙම අවස්ථාවට සහභාගී වෙමින් අධිකරණ අමාත්‍යවරයා සඳහන් කලේ ලක්ෂ දෙකක් පමණ ජනතාවක් වාසය කරන ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් ලබාගැනීම සඳහා නවගමුව M.D.H. ජයවර්ධන ප්‍රාදේශීය රෝහල විශාල කාර්ය භාර්යක් ඉටු කරන බවයි.

පසුගිය කාලසීමාව තුළද මෙම රෝහලෙහි පහසුකම් සම්බන්ධයෙන් සොයාබලා එහි ගුණාත්මකභාවය ඉහළ දැමීමට බලාපොරොත්තුවෙන් පසුවූ නමුත් කොවිඩ් ව්‍යවසනකාරී තත්වය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් එකී කටයුතු නිසියාකාරව ඉටුකර ගැනීමට නොහැකි වූ බව සඳහන් කල අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ මෙම රෝහල ප්‍රදේශයේ ජනතාවට ඉතා විශාල පහසුකම් සම්භායරක් සපයන බැවින් මෙම රෝහල අනාගතයේදී දිසා රෝහලක් බවට පත්කිරීමට අවශ්‍ය කටයතු සිදු කරන බවයි.

එසේ සිදු කිරීමට අවශ්‍ය කරන මෙම රෝහලට අවශ්‍ය කරන යටිතල පහසුකම් සම්පූර්ණ කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ එක්ව කටයුතු කරන බවත් සඳහන් කල අමාත්‍යවරයා තමාට ලැබී ඇති ප්‍රතිපාදන වලින් ලක්ෂ114ක් පමණ මුදලක් මෙම රෝහලේ බො නොවන රෝග පරීක්ෂා කිරීම ඇතුළු අත්‍යාවශ්‍ය කටයුතු සිදු කිරීමට අවශ්‍ය ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා ලබාදෙන බවත්, එම කටයුතු වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඉතිරි මුදල් සම්පාදනය කිරීම හරහා රුපියල් ලක්ෂ 250ක් පමණ මුදලක් ලබාදීමට කටයුතු කරන අතර ගොඩනැගිල්ල සකස් කරීම සඳහා අවශ්‍ය කටයුතු සැලසුම් කර කඩිනමින් ලබාදෙන ලෙස රෝහල් කාර්යමණ්ඩලය වෙත උපදෙස් ලබා දෙන ලදී.

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කලේ නවගමුව ආශ්‍රිත ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් ඉහල නංවාලීම සඳහා ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා තුළ ඇති කැපවීම ඉතා අගය කොට සලකන බවත් මෙම රෝහලෙහි ඇති අඩුපාඩුකම් සකසාගෙන පහසුකම් ඉහළ නැංවීම තුළින් ප්‍රදේශයේ ඇති ප්‍රධාන රෝහල් වල ඇති රෝගින්ගේ තදබදය අවම කර ගැනීමට හැකිවන බවත්, සඳහන් කල සෞඛ්‍ය අමාත්‍යවරයා රෝහල් කාර්ය මණ්ඩලය වෙත පවසා සිටියේ ඉතා ඉක්මනින් අවශ්‍ය කරන ගෝඩනැගිල්ල සකස් කිරීමට සැලසුම් කර මෙම කටයුත්තට දායකත්වය ලබාදෙන ලෙසයි.

නවගමුව සුගතබිම්බාරාම රජමහා විහාරයේ විහාරාධිපති මල්වානේ පඤ්ඤාසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි කොළඹ දිසිත්‍රික් සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ චන්දන ගජනායක, බස්නාහිර පළාත් සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ධම්මිකා ජයලත්,වෛද්‍ය නන්ද කුමාර යන මහත්ම මහත්මීන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය සහ ප්‍රදේශවාසීන් පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT