Home » 10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය ජනපති ප්‍රධානත්වයෙන් හෙට

10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය ජනපති ප්‍රධානත්වයෙන් හෙට

by yasara
February 20, 2024 4:53 pm 0 comment

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සංවිධානය කළ 10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධානත්වයෙන් හෙට (21) පෙරවරු 10.00ට කෝනේෂ්වරා හින්දු විද්‍යාලීය ක්‍රීඩාංගණයේ දී විවෘත කෙරේ.

‘‘වෙනසක් සඳහා නායකත්වය‘‘ යන තේමාව කරගනිමින් පැවැත් වෙන මෙම ජම්බෝරිය 20 වැනිදා සිට 26 වැනි දක්වා පැවැත්වෙන අතර මේ සඳහා බාලදක්ෂ දිස්ත්‍රික් 37 නියෝජනය කරමින් බාලදක්ෂ බාලක,බාලිකාවන්, බාලදක්ෂ නායකයන් 12000ක් පමණ සහ පෝතක බාලදක්ෂයන් 8000කට ආසන් සංඛ්‍යාවක් දිනයන් පුරා කඳවුරු බඳිති.

ප්‍රථම වතාවට ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයද මෙහිදී කඳවුරු බඳින අතර විදෙස් බාලදක්ෂයන් හා නායකයන් 1000කට ආසන්න සංඛ්‍යාවක් ද ජම්බෝරිය සමඟ එක්ව සිටිති.

සෑම දිනයකම බාලදක්ෂයන් සඳහා ප්‍රායෝගික ක්‍රියාකාරකම් ක්‍රියාත්මක වන අතර ඊට ගිනිමැල සංදර්ශන, සංස්කෘතික සංදර්ශන ද ඇතුළත් වන අතර හෙට (21) සවස 2.00 න් පසු සෑම දිනකම පෙරවරු 9.00 සිට පස්වරු 9.00 දක්වා මහජනතාව වෙනුවෙන් ජම්බෝරිය විවෘත කෙරේ.

හෙට 21)- සමාරම්භක උත්සවය – පෙරවරු 10.00 ට,ජම්බොරි ප්‍රදර්ශනය – පස්වරු 05.00 ට, (22) වැනිදා- බී පී දිනය – පස්වරු 06.00 ට, (22)-(24)- පෝතක දිනය – පෙරවරු 10.00 ට, (23) – සංස්කෘතික දිනය – පෙරවරු 10.00 ට, (24)- ජාත්‍යන්තර සංස්කෘතික දිනය – පස්වරු 07.00 ට, (25) – සිවිල් ගුවන් සේවා සැහැල්ලු ගුවන් යානා සංදර්ශනය – පෙරවරු 10.00 ට, සමාප්ති උත්සවය – පස්වරු 5.30 ට, විවෘත එළිමහන් සංදර්ශනය – ප.ව 07.00 ට පැවැත්වේ.

මෙහි ජම්බෝරි නායක ලෙස ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්, නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා කටයුතු කරන අතර කදවුරු සංවිධායක කොමසාරිස්වරුන් ලෙස වැඩසටහන් කොමසාරිස් සරත් මාතරආරච්චි, ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් කර්නල් පද්මලාල් පෙරේරා, නියෝජ්‍ය ජම්බෝරි නායක ලෙස නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් එම් එෆ් එස් මුහීඩ් යන මහත්වරුන් කටයුතු කරති.

නුවන් කොඩිකාර ත්‍රිකුණාමලයේ සිට

ඡායාරූප-සුලෝචන ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT