Home » බඹර ප්‍රහාරයකින් සිසුන් 76 ක් රෝහල් ගත කෙරේ

බඹර ප්‍රහාරයකින් සිසුන් 76 ක් රෝහල් ගත කෙරේ

by yasara
February 20, 2024 2:46 pm 0 comment

පස්සර පොදු ක්‍රිඩාංගනයේ අද (20)  පැවැති පාසල් නිවාසාන්තර මළල ක්‍රිඩා උත්සවයක් අතරතුර එල්ලවු බඹර ප්‍රහාරකින් සිසු සිසුවියන් 76 දෙනෙකු පස්සර මුලික ඇතුළත් කල බව දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි වෛද්‍ය චානක ගන්කන්ද මහතා පවසයි.

මෙහිදි රෝහල් ගත කරන ලද  සිසු සිසුවියන් 76 දෙනා අතරින් 50 දෙනෙකු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගිය බවත් තවත් 26 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ගන්නා බවද වාර්තා වෙයි.

මෙම ක්‍රිඩාංගනය පහලින් පිහිටි කැලැබද ප්‍රදේශයේ පවතින් බඹර වද වලට සිසුන් පිරිසක් විසින් එල්ල කරන ලද ගල් ප්‍රහාරයක් හේතුවෙන් මෙම බඹරුන් ඇවිස්සිමෙන් සිසුන් ප්‍රහාරයට ලක්වු බව මෙතෙක් සිදුකල විමර්ශන වලදි අණාවරණය වි ඇතැයිද පස්සර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක පියරත්න ඒකනායක මහතා සදහන් කලේය.

මේ පිළිබඳව වැඩිදුරටත් විමර්ශන පස්සර පොලිසිය විසින් සිදුකරයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT