Home » හිටපු ඇමති ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

හිටපු ඇමති ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

by chanaka
February 20, 2024 5:21 pm 0 comment

මෙරට කෘතහස්ත දේශපාලනඥයකු මෙන්ම හිටපු අමාත්‍යවරයකු වූ අභාවප්‍රාප්ත ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව දැක්වීය.

හිටපු අමාත්‍යවරයාගේ දේහය තැන්පත් කර ඇති කුරුණෑගල, කටුගම්පල පිහිටි නිවසට අද (20) පස්වරුවේ ගිය ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර, ඒ මහතාගේ පුතණුවන් වන වයඹ පළාත් සභා හිටපු මන්ත්‍රී අසංක ජයවික්‍රම මහතා ඇතුළු පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, අනුර ප්‍රියදර්ශන යාපා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අකිල විරාජ් කාරියවසම්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT