2024 වසර මැද වන විට උද්ධමන අනුපාතය 5% මට්ටමකට රැගෙන ඒම අවශ්‍ය පියවර ගනිමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ 70% මට්ටමට ඉහළ ගොස් තිබූ උද්ධමන අනුපාතය අද වන විට 6% දක්වා පහත දැමීමට රජයට හැකිව ඇති බවයි. අද පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව පැවැසීය.
ඩොලර් මිලියන දෙකක් දක්වා පහත බැස තිබූ විදේශ සංචිත ප්‍රමාණය මේ වන විට ඩොලර් බිලියන 4.7 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
වසර එක හමාරකට පෙර මුදල් ගෙවීමට නොහැකි වීම හේතුවෙන් තෙල් නැව් නැවත හැරී ගිය යුගය ජනතාවට අමතක නොමැති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 128% දක්වා ඉහළ ගොස් තිබූ රාජ්‍ය ණය ප්‍රමාණය අද වන විට 104% දක්වා පහළ ගොස් ඇති බවයි සියඹලාපිටිය මහතා කියා සිටියේය. ක්‍රම ක්‍රමයෙන් ආර්ථිකය ශක්තිමත් වීම සිදු වෙමින් පවතින බවත් කිසිවකුට ප්‍රතිහාර පෑමේ හැකියාවක් නොමැති බවත් අවධාරණය කළ අමාත්‍යවර පෙන්වා දුන්නේ සතියකින් දෙකකින් ආර්ථිකය යථාවත් කළ නොහැකි බවයි.
සාම්ප්‍රදායික දේශපාලන සටන් පාඨ මදකට පසෙක ලා සමස්ත ජනතාව වෙනුවෙන් කටයුතු කිරීමේ අවස්ථාව එළඹ ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙයි.
මේ අතර මහ බැංකු සේවකයන්ගේ වැටුප් ඉහළ දැමීම පිළිබඳ විපක්ෂය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ආදේශ නොමැති ඇතැම් තනතුරු සඳහා එලෙස වැටුප් වැඩිවීම් ලබා දී ඇත්තේ ඔවුන්ව අදාළ තනතුරුවල රඳවා ගැනීමේ අපේක්ෂාවෙන් බවයි.
2022 – 23 කාලය තුළ සිටි මහ බැංකු නිලධාරීන්ගෙන් 99 දෙනෙකු හෙවත් 10% සේවක ප්‍රමාණයක් විදේශය ගත වී ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා සඳහන් කළේ සාමූහික ගිවිසුම් ප්‍රකාරව වසර තුනෙන් තුනට ඔවුන්ට එම වැටුප් වර්ධකය හිමි වන බවයි. අදාළ වැටුප් සඳහා මුදල් ලබා දෙන්නේ ද මහ බැංකු ගිණුමෙන් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙයි.