Home » බොරැල්ලේ වෙඩි තැබීමක්

බොරැල්ලේ වෙඩි තැබීමක්

by yasara
February 20, 2024 9:58 am 0 comment

shoot Gun

බොරැල්ල ආනන්ද රාජකරුණා මාවත ප්‍රදේශයේ මහල් නිවාසයක් තුළ දී ඊයේ (19) රාත්‍රී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබෙයි

තුවාල ලැබු පුද්ගලයා මීට දින කිහිපයකට පෙර මහල් නිවාසයේ තාවකාලිකව පදිංචි අයෙකු බව සදහන් වෙයි.

යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයෙකු ගිණිඅවියකින් වෙඩි තැබීම සිදුකර පළා ගොස්  ඇත

මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් හෙළවී නොමැත.

තුවාලකරු ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙකු ලෙස ලේඛණගත වී ඇති බව පොලිසිය සඳහන් කරයි.

මෙම පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතව සිට පසුගිය 5 වනදා ඇප ලබා පැමිණි පුද්ලයෙකු බවට ද මුලික විමර්ෂණවලදී හෙළිවී තිබෙයි

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT