Home » මල්වතුහිරිපිටිය හිමිනම ඝාතනයේ තවත් ‌සැකකරුවෙක් අත්අඩංගුවට

මල්වතුහිරිපිටිය හිමිනම ඝාතනයේ තවත් ‌සැකකරුවෙක් අත්අඩංගුවට

by yasara
February 19, 2024 3:16 pm 0 comment

මල්වතුහිරිපිටිය කෙහෙල් කන්ද කහටාන ශ්‍රී ඝනාරාම විහාරස්ථානයේදී කලපලුවාවේ ධම්මරතන හිමිට වෙඩි තැබීම සදහා පැමිණි සුඛෝපභෝගී මෝටර් රථයේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා ගිනි අවි සහ බෝම්බ සමග  අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය කියයි

එම සැකකරු සමග ටී පනස් හයේ ගිනි අවියක් , එම උණ්ඩ පහළොවක් ,එම පතරොම් ගැබ් දෙකක් , 9 එම් එම් ගිනි අවියක් , එම ජීව උන්ට දෙකක් , එම පතුරුම් ගැබ් එකක් , විදේශ රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් ,අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 15300 ක්   ව්‍යාජ අංක තහඩුවක් , සවිකරන ලද යතුරුපැදියක් ,  අපරාධය සඳහා යොදාගත් මෝටර් රථයේ සුවිච් යතුර ,හා දුරකථනයක් පොලිස් භාරයට ගෙන ඇත

වෙඩි තැබීමේ අපරාධය සඳහා ගත් මෝටර් රථය කඩුවෙල ගොඩැල්ල ප්‍රදේශයේ ලදු කැලෑවක ගිනි තබා විනාශ කර තිබියදී  ඉකුත්  23 වෙනිදින  සවස කඩුවෙල පොලිසිය මගින් සොයාගෙන තිබිණි

හේනගම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරන අපවත් වූ මල්වතු හිරිපිටිය විහාරස්ථානයෙන් දානය වළඳා යළි  හේනේගම විහාරස්ථානය කරා වැඩම කරවීම සඳහා සූදානමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව පවසා පැමිණි නාදුනන  පුද්ගලයන් තිදෙනෙකුගෙන් දෙදෙනෙකු   ටී පනස්හයේ ගිනි අවියකින් වෙඩි තබා උන්වහන්සේ ඝාතනය කර පලා ගොස් තිබිණි

නිධානයක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන්  අනතුරුව  ඝාතනය සිදුකර තිබූ බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය විය

එම ඝාතනය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය මගින් සංවිධානාත්මක අපරාධකරුවකු වන අසංක කුමාර හේරත් නොහොත් ලැටා සහ පොඩි බූට් හා ඊසා අන්වර්ථ නාමෙන් හඳුන්වන පුද්ගලයන් සිව් දෙනකු අත්අඩංගුවට ගෙන  පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකක වෙත භාරදී තිබිණි

අපරාධය  සඳහා යොදාගත්  මෝටර් රථය සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වී ඇති අතර කිසියම් ප්‍රදේශයකින් සොරාගත් එකක් බවට සැක කළ හැකි යැයි පොලිස් නිලධාරියකු පැවසීය

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT