Home » CISM මාර්ග ධාවනය ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 300කගේ සහභාගීත්වයෙන්

CISM මාර්ග ධාවනය ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 300කගේ සහභාගීත්වයෙන්

by chanaka
February 18, 2024 5:10 pm 0 comment

ලෝක හමුදා දින සැමරුම සනිටුහන් කරමින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ අද(18) ආරම්භ වූ ‘CISM මාර්ග ධාවනය’ සඳහා යුද්ධ, ගුවන් හා නාවික හමුදාධිපතිවරුන් ඇතුළු ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 300 ක පිරිසක් සහභාගී වූහ.

මෙම වසරේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ ආරම්භ වූ ‘CISM මාර්ග ධාවනය’ යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී අවසන් විය.

සෑම වසරකම ‘CISM මාර්ග ධාවනය’ සඳහා සුවිශේෂීත්වයක් එක්කරමින් ත්‍රිවිධ හමුදාධිපතිවරුන් ප්‍රමුඛ යුද්ධ හමුදාවේ සාමාජිකයන් 130 දෙනෙකු, ගුවන් හමුදාවේ සාමාජිකයන් 85 දෙනෙකු හා නාවික හමුදාවේ සාමාජිකයන් 85 දෙනෙකු බැගින් ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 300 දෙනෙකු මෙම මාර්ග ධාවනය සඳහා සහභාගී වූ අතර, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ ක්‍රීඩා හැකියාවන් සබැඳිව ජාත්‍යන්තර පිළිගැනීම එතුලින් පිළිබිඹූ කරයි.

මෙවර ‘CISM මාර්ග ධාවනය’ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සංවිධානය කරන ලද අතර, ඒ සඳහා සහභාගි වූ සෑම ත්‍රිවිධ හමුදා සාමාජිකයෙකු සඳහාම සහතික පත්‍රයක් පිරිනැමිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT