Tuesday, April 22, 2025
Home » මීගොඩ ආර්ථිකයේ වෙඩි තැබීමට තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

මීගොඩ ආර්ථිකයේ වෙඩි තැබීමට තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

by chanaka
February 18, 2024 11:25 am 0 comment

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ සිදුවු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය තුළ දී පසුගිය 12වැනිදා යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු ගිණිඅවියකින් කාන්තාවකට වෙඩි තබා තුවාල සිදු කර මුදල් කොල්ල කෑමක් සම්බන්ධව මීගොඩ පොලිසිය විමර්ෂණ සිදු කරයි.

ඒ අනුව වෙඩි තැබීමට පැමිණි යතුරු පැදිය කඩවත කිරිල්ලවල ප්‍රදේශයේ සඟවා ඇති බවට පොලීසියට ලැබුණු තොරතුරකට අනුව විමර්ෂණ සිදුකළේය.

ඒ අනුව අදාළ යතුරු පැදිය , හිස් වැසුමක් , පිහියක් සහ කමිසයක් අවන්හලක කාමරයක් තුළ සගවා තිබිය දී පොලීසිය සොයා ගෙන ඇත.

යතුරු පැදිය සඟවා ගෙන සිටි අවන්හල් හිමිකරු සහ සැකකරුට රැදි සිටීමට නිවස ලබාදුන් තවත් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුන් වයස අවුරුදු 39 සහ 44 වැනි වියෙහි පසුවන ඉඹුල්ගම සහ කඩවත ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලීසිය වැඩිදුර විමර්ෂණ සිදු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT