Wednesday, April 23, 2025
Home » තවත් සැකකරුවන් 547ක් අත්අඩංගුවට

තවත් සැකකරුවන් 547ක් අත්අඩංගුවට

by chanaka
February 18, 2024 11:20 am 0 comment

ගතවූ පැය 24 තුළ යුක්තිය මෙහෙයුම යටතේ දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලින් අපරාධකරුවන් 547 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ සැකකරුවන් 417 දෙනෙකු සහ අපරාධ අංශ වෙත යොමුකළ ලැයිස්තුවේ සිටින සැකකරුවන් 130 දෙනෙකු සමගින් සැකකරුවන් 547 දෙනෙකු අත්අඩංගුවට ගැණුනි.

එමෙන්ම හෙරොයින් , අයිස් , ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය රැසක් ද ඔවුන් ළඟ තිබී සොයාගෙන තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT