Monday, April 21, 2025
Home » චීන විදේශ අමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුව අමතයි

චීන විදේශ අමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුව අමතයි

by chanaka
February 18, 2024 4:56 pm 0 comment

චීන විදේශ අමාත්‍ය වං යී මහතා 60 වැනි මියුනිච් ආරක්ෂක සමුළුවට සහභාගි වෙයි.

ඊයේ (17) ආරම්භ වූ සමුළුවේ දී හෙතෙම ‘කැළඹිලි සහිත ලෝකයක ස්ථාවර බලවේගයක් ලෙස ක්‍රියා කිරීම’ යන මැයෙන් ප්‍රධාන දේශනයක් පැවැත්වීය.

සියලු රටවල් පොදු ජයග්‍රහණ ගවේෂණය කළ යුතු බව වං යී මහතා එහිදී පෙන්වා දුන්නේය. සමගිය සහ සහයෝගිතාව ඔස්සේ ක්‍රියා කරමින්, එකිනෙකාට සහාය විය යුතුය. එසේම, ලෝකයට මනා නිශ්චිතභාවයක් රැගෙන එමින් මානව වර්ගයා උදෙසා යහපත් අනාගතයක් නිර්මාණය කිරීමට එක්ව කටයුතු කළ යුතු බව ද හෙතෙම පැවසීය.

වගකීම් සහගත රටක් ලෙස චීනය සැමවිටම රටේ ප්‍රධාන ප්‍රතිපත්තිවල අඛණ්ඩතාව සහ ස්ථාවරත්වය පවත්වා ගෙන යන අතර, කැළඹිලි සහිත ලෝකයක ස්ථාවර බලවේගයක් ලෙස ක්‍රියා කරන බව ද විදේශ අමාත්‍යවයා අවධාරණය කළේය. එමෙන්ම ප්‍රධාන රටවල් අතර සහයෝගිතාව ප්‍රවර්ධනය, ගෝලීය අර්බුද මැඩපැවැත්වීම මෙන්ම ගෝලීය සංවර්ධනය තහවුරු කිරීමේ දී ද චීනය ස්ථාවර බලවේගයක් වන බව චීන විදේශ අමාත්‍යවරයා  කියාසිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT