313
සිරදඩුවම් නියම ව සිටි තායිලන්ත හිටපු අග්‍රාමාත්‍ය තක්ෂින් ෂිනවත් නිදහස ලබා බැංකොක්හි පිහිටි සිය මන්දිරය වෙත පැමිණ තිබේ.
දූෂණ වංචා චෝදනා හේතුවෙන්, 74 හැවිරිදි හිටපු අග්‍රාමාත්‍යවරයාට වසරක සිරදඩුවමක් නියම ව තිබුණි.
කෙසේ වෙතත් සෞඛ්‍ය හේතුන් මත ඔහු එරට පොලිස් රෝහලක රඳවා සිටි අතර, එක්දිනක් හෝ බන්ධනාගාරයේ රැඳී නොසිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
දුෂණ අක්‍රමිකතා චෝදනා මත තක්ෂින් ෂිනවත්ට වසර 08ක සිරදඬුවමක් නියම වී තිබුණ ද තායිලන්ත රජු විසින් එය වසරක් දක්වා අඩු කිරිමට පියවර ගනු ලැබීය.
අත්අඩංගුවට පත් දිනයේ සිට රෝහල් ගතව සිටි ඔහු අද උදෑසන රෝහලෙන් තම නිවස බලා පිටත්ව ගිය බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.