Home » චීනයේ ජයග්‍රාහී සංවර්ධනයට ජගත් මහා මණ්ඩල සභාපතිගෙන් පැසසුම්

චීනයේ ජයග්‍රාහී සංවර්ධනයට ජගත් මහා මණ්ඩල සභාපතිගෙන් පැසසුම්

by chanaka
February 18, 2024 11:43 am 0 comment

යටිතල පහසුකම් සංවර්ධනය, දරිද්‍රතාව පිටුදැකීම, කාන්තා අයිතිවාසිකම් සුරැකීම හා අධ්‍යාපනය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකින් චීනය ලබා ඇති ජයග්‍රහණ තමා සියැසින් දුටු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 78 වැනි මහා මණ්ඩලයේ සභාපති ඩෙනිස් ෆ්‍රැන්සිස් Dennis Francis මහතා කියාසිටී.  එම ජයග්‍රහණ එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝකයෙන් අපේක්ෂා කරන තිරසර සංවර්ධන ඉලක්ක හා සැසඳෙන බව ද හෙතෙම පෙන්වාදෙයි.

පසුගිය දිනවල චීනයේ සංචාරයක නිරත වූ ඩෙනිස් ෆ්‍රැන්සිස් මහතා මේ අදහස් පළකළේ චීන මාධ්‍ය සමූහය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. චීනය දැවැන්ත ජයග්‍රහණ අත්කර ගෙන ඇත්තේ දිගුකාලීන කැපවීම හා අඛණ්ඩ උත්සාහය මගිනි. චීන ජනතාවගේ ස්වයංවිනය ද ෆ්‍රැන්සිස් මහතාගේ ඇගැයීමට ලක්විය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථාවර සාමාජික රටක් වශයෙන් චීනය සෑමවිටම එම සංවිධානයටත්, ගෝලීය බහුපාර්ශ්වවාදයටත් සහයෝගය ලබාදෙයි. යටිතල පහසුකම් සංවර්ධනය, දිළිඳුකම තුරන් කිරීම අතින් චීනය ලබා‍ ඇති විශිෂ්ට ජයග්‍රහණ ද සභාපතිවරයාගේ පැසසුමට ලක්විය. ජගත් ප්‍රජාවේ සුබසිද්ධිය වෙනුවෙන් චීනයේ මහඟු සහාය තවදුරටත් අපේක්ෂා කරන බව ද ඩෙනිස් ෆ්‍රැන්සිස් මහතා කියාසිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT