Home » ඉරාන විදේශ ඇමති ශ්‍රී ලංකාවේ චාරිකාවක

ඉරාන විදේශ ඇමති ශ්‍රී ලංකාවේ චාරිකාවක

by chanaka
February 18, 2024 4:41 pm 0 comment

ඉරාන විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය හොසේන් අමීර් අබ්දුල්ලාහියන් මහතා, නිල චාරිකාවක් සඳහා දිවයිනට පැමිණීමට නියමිතව ඇතියි ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කරයි.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතාගේ ආරාධනයකට අනුව ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයා හෙට (19) සිට 21 දක්වා ශ්‍රී ලංකාවේ නිල චාරිකාවක නිරත වීමට නියමිතය.

මෙම සංචාරයේ දී ඉරාන විදේශ අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

එමෙන්ම, ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී අමාත්‍ය අලි සබ්රි මහතා සමඟ නිල සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

2023 අගෝස්තු මාසයේදී විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා, ටෙහෙරාන් සංචාරය අතරතුර විදේශ අමාත්‍ය ආචාර්ය හොසේන් අමීර් අබ්දුල්ලාහියන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT