Home » ශ්‍රී ලංකා – ඇෆ්ගන් දෙවන සහ තෙවන විස්සයි විස්ස තරග ගැන දැනුම්දීමක්

ශ්‍රී ලංකා – ඇෆ්ගන් දෙවන සහ තෙවන විස්සයි විස්ස තරග ගැන දැනුම්දීමක්

by chanaka
February 18, 2024 3:27 pm 0 comment

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඉදිරි දින කීපයේදී පැවැත්වීමට නියමිත විස්සයි20 තරග දෙකට අදාළ ප්‍රවේශපත් අළෙවි කර අවසන් බව ක්‍රිකට් ආයතනය පවසයි.

ඒ හේතුවෙන් සියලුම ප්‍රවේශපත් කවුළු මේ වන විට වසා ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (18) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

කොළඹ සහ දඹුල්ල පිහිටුවා තිබූ ප්‍රවේශපත් කවුළු ද වසා ඇති බැවින් එම කවුළු වෙත පැමිණ අපහසුතාවට පත්නොවන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද ක්‍රිකට් ආයතනය එම නිවේදනයේ සඳහන් කර ඇත.

දඹුල්ලේදී පැවැති දෙරට අතර පළමු විස්සයි20 තරගය ප්‍රේක්‍ෂකයන් 18,000 ක් පමණ නැරඹූ බවත් දෙවැනි තරගය හෙට (19) ද, තෙවැනි තරගය 21 වැනිදා ද, පැවැත්වීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT