Monday, April 21, 2025
Home » මෙරට 07වැනි නාවික හමුදාධිපති දැයෙන් සමු ගනියි

මෙරට 07වැනි නාවික හමුදාධිපති දැයෙන් සමු ගනියි

by chanaka
February 18, 2024 11:13 am 0 comment

ශ්‍රී ලංකා නාවික හමුදාවේ හත්වන (07) නාවික හමුදාධිපති වශයෙන් කටයුතු කළ කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු වූ අද්මිරාල් බැසිල් ගුණසේකර මහතා ඊයේ (17) අභාවප්‍රාප්තවී තිබේ.

1951 වර්ෂයේ ජූලි මස 23 වන දින රාජකීය ලංකා නාවික හමුදාවේ උපන් ලුතිනන් වරයෙක් ලෙස අධිකාරියට පත්ව ඇති මෙතුමා 1973 ජුනි මස 01 වන දින සිට 1979 මැයි මස 31 වන දින දක්වා ශ්‍රී ලංකා නාවික හමුදාවේ හත්වන (07) නාවික හමුදාධිපති ලෙස කටයුතු කර ඇත.

1929 වර්ෂයේ දී උපත ලබා ඇති දැයෙන් සමුගත් අද්මිරාල් බැසිල් ගුණසේකරගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා 2024 පෙබරවාරි මස 18 වැනිදා දක්වා අංක 50/06, අනුලා මාවත, කොළඹ 06 පිහිටි නිවසේ තැම්පත් කර තිබේ.

දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ නාවික හමුදා ගෞරව හා උත්තමාචාර සහිතව අද(18) බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT