Home » ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා

ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා

by chanaka
February 18, 2024 11:03 am 0 comment

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා(20) සිදුකිරීමට නියමිතය.

ටික කලක් තිස්සේ දැඩි ලෙස රෝගාතුරව සිටි ඒ මහතා ඊයේ(17) මිය යන විට 83 වන වියේ පසුවිය.

1941 වසරේ උපත ලැබූ ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා කොළඹ නාලන්දා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරු අතර එම විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය ද දැරූ දක්ෂ ක්‍රීඩකයෙකු ද වේ.

ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් බිහිවු ප්‍රධාන පෙළේ දේශපාලන නායකයෙකු වන අතර එම පක්ෂයේ සභාපති ධුරය ද හොබවනු ලැබුවා.

2001 වසරේ සිට 2003 වසර දක්වා වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යවරයා ලෙස ද 2015 වසරේ දී ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළ ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍යවරයා ලෙසත් බුද්ධශාසන අමාත්‍යවරයා ලෙසත් කටයුතු කරමින් මහජන සුබසිද්ධිය වෙනුවෙන් විශාල වැඩකොටසක් ඉටුකළ දේශපාලඥයෙකු වනවා.

දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන අගහරුවාදා පස්වරු 2.00ට පන්නල මහජන ක්‍රීඩාංගනයේ දී සිදුකිරීමට කටයුතු යොදා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT