Monday, April 21, 2025
Home » අන්තර් ජාලයේ සංසරණය වෙන ව්‍යාජ කොරියානු භාෂා අයදුම් පත්‍රයක්

අන්තර් ජාලයේ සංසරණය වෙන ව්‍යාජ කොරියානු භාෂා අයදුම් පත්‍රයක්

by chanaka
February 18, 2024 5:16 pm 0 comment

2024 වර් ෂයේ කොරියානු භාෂාව විභාගයට අදාළ අයදුම් පත්‍රයක් මේ වන විට අන්තර් ජාලය සංසරණය වන අතර එම අයදුම් පත්‍රය කොරියානු භාෂා විභාගයට කිසිදු සම්බන්ධයක් නොමැති ව්‍යාජ අයදුම් පත්‍රයක් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අවධාරණය කරයි.

එසේම මෙම විභාග අයදුම්පත්‍රය සම්පූර්ණයෙන් ව්‍යාජ එකක් බව කොරියානු HRDK ආයතනය නිල වශයෙන් ව්‍යාජ තහවුරු කර ඇත. එම ව්‍යාජ google form වෙත ඔබගේ තොරතුරු ලබා දීමෙන් වලකින ලෙස කාර්යාංශය දන්වයි.

2024 කොරියානු විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තු වන අපේක්ෂකයින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවිය වන www.slbfe.lk වෙබ් අඩවියේ පල කර ඇති කොරියානු EPS විභාගය සම්බන්ධ උපදෙස් විස්තර මත පමණක් පදනම්ව කටයුතු කරන්න. එහි පළකර ඇත්තේ අයදුම්පත්‍රයට අදාල උපදෙස් පමණක් වන අතර නිල අයදුම් පත්‍රය පෙබරවාරි 26 සිට 29 දක්වා www.slbfe.lk හි පමණක් පළකෙරේ. වැඩි විස්තර 1989 අමතා ලබා ගන්නා ලෙස කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලයි.

අපගේ මාධ්‍ය කටයුතු සම්බන්ධයෙන් ඔබ දක්වන සහයෝගය අගය කොට සලකමි.

කාර්යාංශයේ නිල සබැදිය

Registration for Korean Language Test-2024 – Instructions for Applicants

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT