නිකවැරටිය පොලිස් ස්ථානයේ පෙරේදා (15) රාත්‍රියේ දී කාර්යබාර නිලධාරියා ලෙසට බීමත්ව රාජකාරියේ යෙදී සිටි උප පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කර ඇතැයි නිකවැරටිය කොට්ඨාස බාර පොලිස් අධිකාරි වසන්ත කුමාර මහතා පැවැසීය.
නිකවැරටිය කොට්ඨාස බාර පොලිස් අධිකාරි වසන්ත කුමාර මහතා පෙරේදා (15) රාත්‍රී 08.10ට පමණ නිකවැරටිය පොලිස් ස්ථානය පරීක්ෂා කිරීමට යාමේදී මෙම නිලධාරියා බීමත්ව සිටින බවට නිරීක්ෂණය වී තිබේ.
මෙම කොට්ඨාසය බාරව හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ස්ථාන මාරුවී ලබා ගිය පසු ඒ වෙනුවට හලාවත සිට මෙම පොලිස් අධිකාරි වසන්ත කුමාර නිකවැරටිය කොට්ඨාසයට පැමිණ වැඩ බාර ගැනීමෙන් අනතුරුව මෙම පොලිස් ස්ථානය පරීක්ෂා කිරීමට පැමිණි මුල්ම රාත්‍රියේ දී බීමත්ව සිටි උප පොලිස් පරීක්ෂකවරයාගේ හැසිරීම ඔහුට නිරීක්ෂණයවීම විශේෂත්වයකි.
ඒ අනුව ඔහු එම ස්ථානයේ සිටියදීම නිකවැරටිය දිස්ත්‍රික්කය බාර (1) සහකාර පොලිස් අධිකාරිවරයා වහාම එතැනට කැඳවා ඒ සම්බන්ධව විමර්ශන දියත් කරන්නට උපදෙස් දීමෙන් අනතුරුව බීමත්ව සිටි උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන නිකවැරටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙතට ඉදිරිපත් කොට තිබේ. එහි දී ඔහු බීමත්ව සිටි බවට කරුණු හෙළි වී ඇත. මෙම තත්ත්වය හමුවේ සේවයේ සිටියදී බීමත්ව සිටි උප පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කිරීමට ඊයේ (16) පියවර ගෙන ඇතයි පොලිස් අධිකාරිවරයා පැවැසීය.