Monday, April 21, 2025
Home » බීම­තින් රාජ­කා­රියේ යෙදුණු නික­වැ­ර­ටිය පොලි­සියේ SIගේ වැඩ තහ­නම්

බීම­තින් රාජ­කා­රියේ යෙදුණු නික­වැ­ර­ටිය පොලි­සියේ SIගේ වැඩ තහ­නම්

by damith
February 17, 2024 1:03 am 0 comment

පොල්පි­ති­ගම - නන්දන කැලේ­ගම

නික­වැ­ර­ටිය පොලිස් ස්ථානයේ පෙරේදා (15) රාත්‍රියේ දී කාර්ය­බාර නිල­ධා­රියා ලෙසට බීමත්ව රාජ­කා­රියේ යෙදී සිටි උප පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­යාගේ වැඩ තහ­නම් කර ඇතැයි නික­වැ­ර­ටිය කොට්ඨාස බාර පොලිස් අධි­කාරි වසන්ත කුමාර මහතා පැවැ­සීය.

නික­වැ­ර­ටිය කොට්ඨාස බාර පොලිස් අධි­කාරි වසන්ත කුමාර මහතා පෙරේදා (15) රාත්‍රී 08.10ට පමණ නික­වැ­ර­ටිය පොලිස් ස්ථානය පරීක්ෂා කිරී­මට යාමේදී මෙම නිල­ධා­රියා බීමත්ව සිටින බවට නිරී­ක්ෂ­ණය වී තිබේ.

මෙම කොට්ඨා­සය බාරව හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කා­රි­ව­රයා ස්ථාන මාරුවී ලබා ගිය පසු ඒ වෙනු­වට හලා­වත සිට මෙම පොලිස් අධි­කාරි වසන්ත කුමාර නික­වැ­ර­ටිය කොට්ඨා­ස­යට පැමිණ වැඩ බාර ගැනී­මෙන් අන­තු­රුව මෙම පොලිස් ස්ථානය පරීක්ෂා කිරී­මට පැමිණි මුල්ම රාත්‍රියේ දී ‍ බීමත්ව සිටි උප පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­යාගේ හැසි­රීම ඔහුට නිරී­ක්ෂ­ණ­ය­වීම විශේ­ෂ­ත්ව­යකි.

ඒ අනුව ඔහු එම ස්ථානයේ සිටි­ය­දීම නික­වැ­ර­ටිය දිස්ත්‍රි­ක්කය බාර (1) සහ­කාර පොලිස් අධි­කා­රි­ව­රයා වහාම එතැ­නට කැඳවා ඒ සම්බ­න්ධව විම­ර්ශන දියත් කර­න්නට උප­දෙස් දීමෙන් අන­තු­රුව බීමත්ව සිටි උප පොලිස් පරී­ක්ෂ­ක­ව­රයා අත්අ­ඩං­ගු­වට ගෙන නික­වැ­ර­ටිය මූලික රෝහලේ අධි­ක­රණ වෛද්‍ය­ව­රයා වෙතට ඉදි­රි­පත් කොට තිබේ. එහි දී ඔහු බීමත්ව සිටි බවට කරුණු හෙළි වී ඇත. මෙම තත්ත්වය හමුවේ සේවයේ සිටි­යදී බීමත්ව සිටි උප පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­යාගේ වැඩ තහ­නම් කිරී­මට ඊයේ (16) පිය­වර ගෙන ඇතයි පොලිස් අධි­කා­රි­ව­රයා පැවැ­සීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT