Monday, April 21, 2025
Home » යහ­පත් රාජ්‍ය පාල­න­යක් ශ්‍රී ලංකාවේ ප්‍රව­ර්ධ­න­යට ජාත්‍ය­න්තර ආධාර කණ්ඩා­ය­ම්වල කාර්ය­භා­රය ගැන විශේෂ සැසි­යක්

යහ­පත් රාජ්‍ය පාල­න­යක් ශ්‍රී ලංකාවේ ප්‍රව­ර්ධ­න­යට ජාත්‍ය­න්තර ආධාර කණ්ඩා­ය­ම්වල කාර්ය­භා­රය ගැන විශේෂ සැසි­යක්

by damith
February 17, 2024 1:03 am 0 comment

මහින්ද අලු­ත්ගෙ­දර

යහ­පත් රාජ්‍ය පාල­නය සඳහා වන ක්‍රමෝ­පාය ශ්‍රී ලංකාවේ ප්‍රව­ර්ධ­නය කිරීම සහ මහා පරි­මාණ දූෂණ මැඬ­ලීමේ දී ජාත්‍ය­න්තර ආධාර කණ්ඩා­ය­ම්ව­ලට පැවරී ඇති කාර්ය­භා­රය සම්බ­න්ධ­යෙන් සාකච්ඡා කරන විශේෂ සැසි­යක් පසු­ගි­යදා කොළඹ දී පැවැ­ත්විණි. පාත්ෆ­යි­න්ඩර් පද­නම විසින් මෙය සංවි­ධාන කර තිබූ අතර, ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශය දූෂිත ද යන්න මත පද­නම් කර­ගෙන රට­වල් ශ්‍රේණි­ගත කරන දූෂණ මැන බැලීමේ දර්ශ­කයේ ශ්‍රී ලංකාවේ සනි­ටු­හන් වන ස්ථානය මෙහි දී අව­ධා­න­යට ගැනිණි. සැල­කිය යුතු ලෙස පහත වැටී ඇති දූෂිත දර්ශ­ක­යෙන් ගැලවී නැවත ස්ථාපිත වන අතර සමා­ජයේ සෑම තරා­ති­ර­ම­කම බල­වත් ලෙස පැතිරී ඇති දූෂ­ණය රටේ ප්‍රධාන ගැට­ලු­වක් ලෙස සැල­කෙන තත්ත්වය ගැන මේ සාක­ච්ඡාවේ දී අව­ධා­ර­ණය කෙරුණු අතර, දූෂිත තත්ත්වය හේතු­වෙන් රාජ්‍ය පාල­නය කෙරෙහි ජන­තා­වගේ විශ්වා­සය පළුදු වන බව ද පාලන ක්‍රම­වේද අසං­වි­ධිත වන බව ද මෙහිදී අනා­ව­ර­ණය විය.

ශ්‍රී ලංකා ට්‍රාන්ස්පේ­රන්සි ඉන්ට­ර්නැ­ෂ­නල්හි විධා­යක අධ්‍ය­ක්ෂිකා නදි­ෂානි පෙරේරා,වෙරිටේ රිසර්ච්හි විධා­යක අධ්‍යක්ෂ ආචාර්ය නිෂාන් ද මෙල් හා පර්යේ­ෂණ අධ්‍යක්ෂ සුභා­ෂිණී අබේ­සිංහ සහ පාත්ෆ­යි­න්ඩර් පද­නමේ සභා­පති බර්නාඩ් ගුණ­ති­ලක මහත්ම මහ­ත්මීහු මෙහිදී කරුණු දැක්වූහ. කොළඹ පද­නම් වූ රාජ්‍ය­තා­න්ත්‍රික ප්‍රජාවේ නියෝ­ජි­ත­යන්, දේශීය හා විදේ­ශීය ජාත්‍ය­න්තර රාජ්‍ය නොවන ආය­තන, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිල­ධා­රීන්, බුද්ධි­ම­තුන් සහ පෞද්ග­ලික අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝ­ජිත පිරි­සක් මේ අව­ස්ථා­වට සහ­භාගි වූහ.

ශ්‍රී ලංකා­වට සප­යන ණය, ප්‍රදාන වැනි මූල්‍ය ආධාර ලබා දීම සඳහා අත්‍ය­වශ්‍ය කොන්දේසි ලෙස ශක්ති­මත් දූෂණ විරෝධී ක්‍රියා­මාර්ග සහ වග­වීම ඉල්ලීම වැද­ගත් බව මෙහි දී අව­ධා­ර­ණය කෙරිණ. ජාත්‍ය­න්තර භූගෝ­ලීය දේශ­පා­ල­නය තුල­නය කිරීමේ අව­ශ්‍ය­තාව හේතු­වෙන් ශ්‍රී ලංකාවේ පරි­පා­ලන පරි­ස­රය අභි­යෝ­ග­යට ලක්ව ඇති අතර මේ ගැට­ලුව සිවිල් සහ ජන­තා­වගේ දෘෂ්ටි­කෝ­ණ­ය­කින් සලකා බලන ලෙස විද්වත් පිරිස ජාත්‍ය­න්තර නියෝ­ජි­ත­ය­න්ගෙන් ඉල්ලා සිටි අතර, මේ ඉල්ලීම ඔවුන්ගේ රට­ව­ලට සන්නි­වේ­ද­නය කිරීමේ වැද­ග­ත්කම ද සඳ­හන් කළහ.

ශ්‍රී ලංකා ට්‍රාන්ස්පේ­රන්සි ඉන්ට­ර්නැ­ෂ­නල්හි විධා­යක අධ්‍ය­ක්ෂිකා නදි­ෂානි පෙරේරා, වෙරිටේ රිසර්ච්හි විධා­යක අධ්‍යක්ෂ ආචාර්ය නිෂාන් ද මෙල් සහ පර්යේ­ෂණ අධ්‍යක්ෂ සුභා­ෂිණී අබේ­සිංහ, පාත්ෆ­යි­න්ඩර් පද­නමේ සභා­පති බර්නාඩ් ගුණ­ති­ලක මහත්ම මහ­ත්මීන් ඇතුළු නියෝ­ජි­ත­වරු මහා පරි­මාන දූෂණ මැඬ­ලීමේ දී ජාත්‍ය­න්තර ආධාර කණ්ඩා­ය­ම්ව­ලට පැවරී ඇති කාර්ය­භා­රය සම්බන්ධ සාක­ච්ඡා­වට සහ­භාගි වී සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT