Sunday, April 20, 2025
Home » නීති­ඥයා පැදවූ රිය කඩ­ය­කට කඩාවැදිලා දිය­ණිය මරුට : අම්මාට බර­ප­ත­ළයි

නීති­ඥයා පැදවූ රිය කඩ­ය­කට කඩාවැදිලා දිය­ණිය මරුට : අම්මාට බර­ප­ත­ළයි

by damith
February 17, 2024 1:03 am 0 comment

කර­න්දෙ­ණිය සමූහ - අනු­රාධ ප්‍රිය­ද­ර්ශන

ඇල්පි­ටිය – අම්බ­ල­න්ගොඩ මාර්ගයේ කර­න්දෙ­ණිය හතේ කණුව ප්‍රදේ­ශයේ දී ඇල්පි­ටිය බලා ගමන් ගත් මෝටර් රථ­යක් මාර්ගයේ දකුණු පස තිබූ වෙ‍ෙළඳ සල­කට කඩා වැදී­මෙන් එහි සිටි වෙ‍ෙළඳ සලේ හිමි­කා­රිය බර­ප­තළ තුවාල ලබා ඇති අතර ඇයගේ දිය­ණිය එම අන­තු­රින් මිය­ගොස් තිබේ.

මොවුන් ප්‍රති­කාර සඳහා ඇල්පි­ටිය මූලික රෝහ­ලට ඇතු­ළත් කිරී­මෙන් අන­තු­රුව අසාධ්‍ය තත්ත්වයේ සිටි මෙම දිය­ණිය ගාල්ල, කරා­පි­ටිය රෝහ­ලට ඇතු­ළත් කර ඇති අතර එහිදී ඇය මිය­ගොස් ඇත.

ඇල්පි­ටිය උසා­වියේ සේවය කරන නීති­ඥ­ව­ර­යෙකු විසින් මෙම මෝටර් රථය පදවා ඇති අතර ඔහුට නින්ද යාම නිසා වේගය පාල­නය කර­ගත නොහැ­කිව මෙම අන­තුර සිදුවී ඇති බව ඇල්පි­ටිය පොලි­සිය කියයි. මෙම අන­තුර නිසා විදුලි කණු­ව­කට දැඩි ලෙස අලාභ හානි වී ඇති අතර තුවාල ලැබූ මවගේ පාද දෙකම බිඳී ගොස් තිබේ.

සැක­කාර නීති­ඥ­ව­රයා පොලිස් භාර­යට ගෙන ඇති අතර මෙසේ අන­තු­රින් තුවාල ලැබුවේ එම වෙළඳ සලේ හිමි­කා­රිය වන 72 හැවි­රිදි හේවා හකුරු ගුණ­වතී සහ එම අන­තු­රින් මිය­ගොස් ඇත්තේ ඇයගේ දිය­ණිය වන 55 හැවි­රිදි තෝම්මයා හකුරු චන්ද්‍ර­ලතා මල්කාන්ති නැමැති අය බවද පොලි­සිය සඳ­හන් කරයි.

සිද්ධිය සම්බ­න්ධව ඇල්පි­ටිය පොලි­සිය පරී­ක්ෂණ පව­ත්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT