මිතුරන් දෙදෙනකු සමඟ සෙල්ලම් කර ආපසු නිවෙස බලා එමින් සිටි පාසල් සිසුවා දුම්රියක ගැටී මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි. ජාඇළ තුඩැල්ල දුම්රිය ස්ථානයට නුදුරෙන් මේ සිසුවා දුම්රියේ ගැටී තිබේ. ජාඇළ කණුවන ශාන්ත ජෝශප් කනිටු ද්විතීය විදුහලේ 7 වසරේ ඉගෙනුම ලබමින් සිටි දේශාන් රශිදු නිම්සර (12) නමැති පවුලේ එකම දරුවා මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.ජාඇළ කණුවන ප්රදේශයේ පදිංචිව සිට ඇති දේශාන් රශිදු මිතුරන් පිරිසක් සමඟ තුඩැල්ල අරලිය උයන ක්රීඩාංගණයේ සෙල්ලම් කරමින් සිට තිබේ. සෙල්ලම් කර අවසන් වී තවත් මිතුරන් දෙදෙනකු සමඟ සිසුවා නිවසට පැමිණෙමින් සිටියදී දුම්රියේ ගැටී ඇත. දේශාන් දුම්රියේ ගැටීමත් සමඟ ඔහු සමඟ පැමිණෙමින් සිටි සිසුන් දෙදෙනා බියට පත් වී දිව ගොස් තිබේ. දුම්රිය මඟේ වැටී හිසෙන් ලේ ගලමින් සිටි සිසුවා ඩීමෝ ලොරියකින් රාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබු බව පොලීසිය පවසයි. රාත්‍රී වන තුරුත් සිය දරුවා නිවසට නොපැමිණි නිසා බියට පත් දරුවාගේ මව වූ මානෙල් රණවීර හා දරුවාගේ මාමා ජාඇළ පොලීසියට පැමිණ දරුවාගේ අතුරුදන් වීම ගැන පැමිණිල්ලක් කර ඇත. පොලීසිය ඒ අවස්ථාවේදී ඔවුන් රාගම රෝහල වෙත යොමු කර ඇති අතර රාගම රෝහලට ඔවුන් යන විටත් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටි සිසුවා ජීවිතයෙන් සමුගෙන තිබිණි. දේශාන් කුඩා කල සිටම පිය සෙනෙහස අහිමිව සිය මව, මිත්තණිය හා ඔහුගේ මාමා සමඟ කණුවන ප්රදේශයේ කුලී නිවසක පදිංචිව සිට ඇත. ඔහුගේ දේහය අවසන් කටයුතුවලට තැන්පත් කර තිබුණේ ද ප්රදේශයේ පවුලේ හිතවතකුගේ නිවසේය.
නිෙවස බලා එමින් සිටි පාසල් සිසුවා දුම්රියේ ගැටී මරුට
by damith
February 17, 2024 1:03 am
0 comment
ජාඇළ සමූහ - ප්‍රසංග පෙරේරා
151