Monday, April 21, 2025
Home » නි‍ෙවස බලා එමින් සිටි පාසල් සිසුවා දුම්රියේ ගැටී මරුට

නි‍ෙවස බලා එමින් සිටි පාසල් සිසුවා දුම්රියේ ගැටී මරුට

by damith
February 17, 2024 1:03 am 0 comment

ජාඇළ සමූහ - ප්‍රසංග පෙරේරා
මිය­ගිය පාසල් සිසුවා

මිතු­රන් දෙදෙ­නකු සමඟ සෙල්ලම් කර ආපසු නිවෙස බලා එමින් සිටි පාසල් සිසුවා දුම්රි­යක ගැටී මිය ගොස් ඇතැයි පොලී­සිය පව­සයි. ජාඇළ තුඩැල්ල දුම්රිය ස්ථාන­යට නුදු­රෙන් මේ සිසුවා දුම්රියේ ගැටී තිබේ. ජාඇළ කණු­වන ශාන්ත ජෝශප් කනිටු ද්විතීය විදු­හලේ 7 වසරේ ඉගෙ­නුම ලබ­මින් සිටි දේශාන් රශිදු නිම්සර (12) නමැති පවුලේ එකම දරුවා මෙලෙස ජීවි­ත­ක්ෂ­යට පත්ව ඇත.ජාඇළ කණු­වන ප්‍රදේ­ශයේ පදිං­චිව සිට ඇති දේශාන් රශිදු මිතු­රන් පිරි­සක් සමඟ තුඩැල්ල අර­ලිය උයන ක්‍රීඩාං­ග­ණයේ සෙල්ලම් කර­මින් සිට තිබේ. සෙල්ලම් කර අව­සන් වී තවත් මිතු­රන් දෙදෙ­නකු සමඟ සිසුවා නිව­සට පැමි­ණෙ­මින් සිටි­යදී දුම්රියේ ගැටී ඇත. දේශාන් දුම්රියේ ගැටී­මත් සමඟ ඔහු සමඟ පැමි­ණෙ­මින් සිටි සිසුන් දෙදෙනා බියට පත් වී දිව ගොස් තිබේ. දුම්රිය මඟේ වැටී හිසෙන් ලේ ගල­මින් සිටි සිසුවා ඩීමෝ ලොරි­ය­කින් රාගම රෝහලේ දැඩි සත්කාර ඒක­ක­යට ඇතු­ළත් කර තිබු බව පොලී­සිය පව­සයි. රාත්‍රී වන තුරුත් සිය දරුවා නිව­සට නොපැ­මිණි නිසා බියට පත් දරු­වාගේ මව වූ මානෙල් රණ­වීර හා දරු­වාගේ මාමා ජාඇළ පොලී­සි­යට පැමිණ දරු­වාගේ අතු­රු­දන් වීම ගැන පැමි­ණි­ල්ලක් කර ඇත. පොලී­සිය ඒ අව­ස්ථා­වේදී ඔවුන් රාගම රෝහල වෙත යොමු කර ඇති අතර රාගම රෝහ­ලට ඔවුන් යන විටත් රෝහලේ දැඩි සත්කාර ඒක­කයේ ප්‍රති­කාර ලබ­මින් සිටි සිසුවා ජීවි­ත­යෙන් සමු­ගෙන තිබිණි. දේශාන් කුඩා කල සිටම පිය සෙනෙ­හස අහි­මිව සිය මව, මිත්ත­ණිය හා ඔහුගේ මාමා සමඟ කණු­වන ප්‍රදේ­ශයේ කුලී නිව­සක පදිං­චිව සිට ඇත. ඔහුගේ දේහය අව­සන් කට­යු­තු­ව­ලට තැන්පත් කර තිබුණේ ද ප්‍රදේ­ශයේ පවුලේ හිත­ව­ත­කුගේ නිව­සේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT