Home » විදුලි බිල අඩු­ ක­ර­න්න සජිත්ගේ පෙත්සමට විරෝ­ධතා ගොනු කිරී­මට අව­සර

විදුලි බිල අඩු­ ක­ර­න්න සජිත්ගේ පෙත්සමට විරෝ­ධතා ගොනු කිරී­මට අව­සර

by damith
February 17, 2024 1:03 am 0 comment

නෙල්කා මැද­ගෙ­දර

දැනට පව­තින විදුලි ගාස්තු අඩු කරන ලෙස නියෝ­ග­යක් නිකුත් කර­න්නැයි ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා ගොනු කළ පෙත්ස­මට එරෙ­හිව විරෝ­ධතා ගොනු කිරීම සඳහා විදු­ලි­බල හා බල­ශක්ති ඇමැති කංචන විජේ­සේ­කර සහ ලංකා විදු­ලි­බල මණ්ඩ­ලය ඇතුළු වග­උ­ත්ත­ර­ක­රු­වන්ට ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය ඊයේ (16) අව­සර ලබා දුන්නේය.

කුමු­දුනී වික්‍ර­ම­සිංහ සහ මහින්ද සම­ය­ව­ර්ධන යන මහත්ම මහ­ත්මී­න්ගෙන් සම­න්විත ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සුරු මඬු­ල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවූ අව­ස්ථා­වේදී මෙම අව­ස­රය ලබා දෙන ලදි. ඒ අනුව අදාළ විරෝ­ධතා සති තුනක් ඇතු­ළ­තදී ගොනු කරන ලෙස නියම කෙරිණ.

පෙත්සම කැඳවූ අව­ස්ථා­වේදී විදු­ලි­බල හා බල­ශක්ති ඇමැති කංචන විජේ­සේ­කර මහතා වෙනු­වෙන් පෙනී සිටි ජනා­ධි­පති නීතිඥ සංජීව ජය­ව­ර්ධන මහතා කරුණු ඉදි­රි­පත් කර­මින් ඉල්ලා සිටියේ මෙම පෙත්ස­මට එරෙ­හිව සීමිත විරෝ­ධතා ඉදි­රි­පත් කිරී­මට අපේක්ෂා කරන බවය. එබැ­වින් ඒ සඳහා අව­සර ලබා දෙන ලෙස ඔහු අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි­යේය. කරුණු සලකා බැලූ විනි­සුරු මඬුල්ල ඒ සඳහා අව­සර දීමට තීර­ණය කළේය. කරුණු තහ­වුරු කිරීම සඳහා පෙත්සම අප්‍රේල් මස පස්වැනි දා නැවත කැඳ­වී­මට තීර­ණය කළේය.

මෙකී කරු­ණු­ව­ලට අදාළ විදු­ලිය පාවිච්චි කර­න්නන්ගේ සංග­මය ඉදි­රි­පත් කළ පෙත්ස­මක් ද එදින කැඳ­වී­මට නියම කෙරිණ. මහ­ජන උප­යෝ­ගිතා කොමි­සම, විදු­ලි­බල මණ්ඩ­ලය, විදු­ලි­බල හා බල­ශක්ති ඇමැති කංචන විජේ­සේ­කර, එම අමා­ත්‍යංශ ලේක­ම්ව­රයා ඇතුළු පිරි­සක් මෙම පෙත්ස­මෙහි වග උත්ත­ර­ක­රුවෝ වෙති.

ජනා­ධි­පති නීතිඥ ෆර්මාන් කසීම් මහතා පෙත්ස­ම්කාර විපක්ෂ නාය­ක­ව­රයා වෙනු­වෙන් පෙනී සිටි­යේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT