Monday, April 21, 2025
Home » නවාල්නිගේ මරණයට පුටින් වගකිව යුතුයි – බයිඩ්න් කියයි

නවාල්නිගේ මරණයට පුටින් වගකිව යුතුයි – බයිඩ්න් කියයි

by chanaka
February 17, 2024 3:04 pm 0 comment

රුසියානු විපක්ෂ දේශපාලන නායකයෙකු වන ඇලේක්සි නවාල්නිගේ මරණය සම්බන්ධයෙන් එරට ජනාධිපති ව්ලැඩිමිර් පුටින් වගකිව යුතු බව අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් චෝදනා කරයි.

අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇලේක්සි නවාල්නි මිය ගිය බව ඔහු රඳවා ගෙන සිටි බන්ධනාගාරයේ නිලධාරීන් ප්‍රකාශ කර තිබේ.

47 හැවිරිදි නවාල්නි 2021 වසරේ සිට බන්ධනාගාර ගතව පසුවිය.

වරප්‍රසාද කඩකිරීම් , වංචාව සහ අධිකරණයට අපහාස කිරීම හේතුවෙන් ඔහු මෙසේ බන්ධනාගාර ගත කෙරුණි.

එමෙන්ම ඔහු පසුගිය අගෝස්තු මාසයේ දී අන්තවාදී සංවිධානයක් පිහිටුවීම සඳහා අරමුදල් සැපයීම සම්බන්ධයෙන් ද වරදකරු කෙරුණු අතර ඒ සඳහා ඔහුට වසර 19ක සිරදඬුවම් නියමකර තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT