Monday, April 21, 2025
Home » පානදුර – රත්නපුර ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට සීමා

පානදුර – රත්නපුර ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට සීමා

by chanaka
February 17, 2024 3:09 pm 0 comment

හොරණ රජමහා විහාරස්ථානයේ රයිගම්පුර නවම් මහ පෙරහැර හේතුවෙන් පානදුර – රත්නපුර ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන බව පොලීසිය දැනුම් දෙයි.

ඒ අනුව අද (17) රාත්‍රියේ නවම් පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිතය.

පෙරහැර සඳහා අලිඇතුන් 40ක් හා ශාස්ත්‍රීය නර්තන කණ්ඩායම් 85ක් එකතුවීමට නියමිත බව සදහන් වේ.

ඒ අනුව, හොරණ රජමහා විහාරස්ථානයේ අසල සිට පානදුර – රත්නපුර ප්‍රධාන මාර්ගයේ කොටසක් වන විද්‍යාරතන හන්දිය සිට හොරණ පොලීසියට හැරෙන හංදිය දක්වා කොටසේ වාහන ගමනාගමනය සීමා කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT