චමිල් ජයනෙත්ති විසින් ලියන ලද ‘කාලය අවකාශය තුළ මාක්ස්වාදය’ කෘතිය හා ‘කාල් මාක්ස් ආචාර්‍ය්‍ය උපාධි නිබන්ධනය’ පරිවර්තන කෘතිය එළිදැක්වීම පිළිබඳ සංවාද සභාවක් කතුවරයා විසින් 2024 පෙබරවාරි 22 සවස 2.00 ට කොළඹ, ආනන්ද කුමාරස්වාමි මාවතේ, මහවැලි කේන්ද්‍රයේ, පැවැත්වීමට කටයුතු සංවිධානයකර තිබේ.
කතුවරයා, දශක දෙකකට අධික කාලයක් වාමාංශික දේශපාලනයේ නිරත, මාක්ස්වාදය පිළිබඳ කාතීන් කිහිපයක් රචනා කළ, මාකස්වාදය පිළිබඳ සාකච්ඡාවට විශේෂ උනන්දුවක් ද තරුණයෙකි. ඔහු හතරවන ජාත්‍යන්තරයේ ලංකා ශාඛාව වන සමාජවාදී ජනතා සංසදයේ සභාපතිවරයා ද වේ.
“මාක්ස්වාදී දාර්‍ශනික සංකථනය ” නමින් හඳුන්වා ඇති මෙම සංවාද සභාවේ දෙසුම් සඳහා කැළණිය විශ්ව විද්‍යාලයේ දර්‍ශනය පිළිබඳ හිටපු මහාචාර්‍ය්‍ය ජයන්ත සෙනෙවිරත්න, කැනඩාවේ ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය්‍ය කණිෂ්ක ගුණවර්‍ධන, කොළඹ විශ්ව විද්‍යාලයේ, ශ්‍රීපාලි මණ්ඩපයේ මහාචාර්‍ය්‍ය ටියුඩර් වීරසිංහ හා සිරස මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂ අසෝක ඩයස් ඇරයුම් ලබා ඇත.
‘කාලය අවකාශය තුළ මාක්ස්වාදය’ හා ‘කාල් මාක්ස් ආචාර්‍ය්‍ය උපාධි නිබන්ධනය’ පරිවර්තන කෘතිය පිරිනැමීම සඳහා වමේ ව්‍යාපාරය වෙනුවෙන් ලංකාවේ වාත්තීය සමිති ව්‍යාපාරය වෙනුවෙන් ඓතිහාසික ඓතිහාසික කාර්‍ය්‍යභාරයක් ඉටුකළ විශිෂ්ඨයන් දෙදෙනෙකු නම්කර තිබේ. ඒ ජී ඩී ජෙරාඩ් සහෝදරයා සහ නීල් විජේතිලක සහොදරවරුන් ය. නිල් සහෝදරයා දැනට මාස කීපයකට පෙර අභාවප්‍රාප්ත වූ අතර එහු වෙනුවෙන් ඒ සඳහා ඇරයුම් ලබන්නේ ඔහුගේ ආදරණීය බිරිඳ රුවන්පුර ඉන්ද්‍රා ගීතානි ද සිල්වා සහෝදරියයි.