Monday, April 21, 2025
Home » දඹුල්ලට වසර 5කට පසු එන ක්‍රිකට් වසන්තය පිළිගන්න දැනටමත් පොලිම්

දඹුල්ලට වසර 5කට පසු එන ක්‍රිකට් වසන්තය පිළිගන්න දැනටමත් පොලිම්

by mahesh
February 16, 2024 1:00 am 0 comment

සීගිරිය විශේෂ

වසර පහකට පසුව දඹුල්ලට ක්‍රිකට් වසන්තය ගෙන එමින් රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ජාත්‍යන්තර තරගාවලියක් පැවැත්වෙන හෙයින් අතිවිශාල ජනතාවක් මේ තරගය නැරඹීමට ප්‍රවේශපත්‍ර ලබා ගැනීම සඳහා පැමිණෙමින් සිටිති.

දඹුලු ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිරිපිට ප්‍රවේශපත්‍ර කවුළුවෙන් ප්‍රවේශපත්‍ර ලබා ගැනීම සඳහා විශාල පිරිසක් ඊයේ (15) දවස පුරා රැඳී සිටින අයුරු දැක ගැනීමට හැකි විය.

කෙසේ වෙතත් ඊයේ වන විට ප්‍රවේශපත්‍ර අවසන් වී රුපියල් තුන්සියේ සහ දහසේ ප්‍රවේශපත්‍ර පමණක් ඉතිරි වී තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීහු පැවසුහ. ඒම ප්‍රවේශපත්‍ර ලබාගැනීමට ද ක්‍රීඩාංගණයේ ඉදිරිපිට දිගු පෝලිම් දක්නට ලැබිණි.

රංගිරි දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගලයේ පසුගිය 2018 වසරේ ඔක්තෝම්බර් 13 වන දින ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතරින් පැවති තරගයෙන් පසුව මේ මස 17, 19 හා 21 යන දිනයන්හිදී ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්තානය අතර විස්සයි20 තරග තුනක් පැවැත්වේ.

දඹුල්ල ක්‍රීඩාංගණයේ නවීකරණය කිරීමෙන් නව විදුලි ආලෝක යටතේ පැවැත්වෙන පළමු තරගය හෙට (17) පැවැත්වෙන අතර, ඒ සඳහා මේ වන විට ක්‍රීඩාංගණය සුදානම් කරන අයුරු දැකගැනීමට හැකිවිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT