Saturday, April 19, 2025
Home » 13න් පහළ තෙවැනි කොටසේ අර්ධ අවසන් පූර්ව තරග 2ක් හෙට-අනිද්දා

13න් පහළ තෙවැනි කොටසේ අර්ධ අවසන් පූර්ව තරග 2ක් හෙට-අනිද්දා

by mahesh
February 16, 2024 12:58 am 0 comment

ඉෂානි යද්දෙහි

අන්තර් පාසල් අවුරුදු 13න් පහළ තෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග 2ක් අද සහ හෙට පැවැත්වේ.

එහිදී හම්බන්තොට සාන්ත මරියා විදුහල සහ මහනුවර ධර්මරාජ ‘බී’ පිල අතර තරගය හෙට (17) බණ්ඩාරවෙල සාන්ත තෝමස් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, අනිද්දා (18) යාපනය හින්දු විද්‍යාලය සහ හිඟුරක්ගොඩ රජරට ජාතික පාසල අතර අර්ධ අවන් තරගය කුරුණෑගල මලියදේව විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ාන්ත මරියා පිල බිහඳු රාමනායක විසින් ද ධර්මරාජ (බී) පිල හසරැල් බණ්ඩාර විසින් ද මෙහෙයවන අතර, සිවලෝගේසන් සිවකජීසන්ගේ නායකත්වයෙන් යාපනය හින්දු විදුහලත්, එච්.බී.ආර්.එන්. දසනායකගේ නායකත්වයෙන් හිඟුරක්ගොඩ රජරට ජාතික පාසලත් මේ තරගවලට එක් වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT