– පරිගණක උපකරණ හා ගොඩනැඟිලිත් විනාශයි
රුපියල් කෝටියකට ආසන්න වටිනාකමක් සහිත ගොඩනැඟිලි හා පරිගණක උපකරණවලින් සමන්විතව ආරම්භ කරන ලද දිවිතුර වතුයායේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය මේ වන විට වසා දමා කැලෑවට යට වී උපකරණ හා ගොඩනැඟිලි දිරාපත්වෙමින් පවතී.
2007 වසරේ එස්. තොන්ඩමන් පදනම මඟින් දිවිතුර වතුයායේ වතු සේවක පවුල්වල මෙන්ම සිංහල හා දෙමළ දූ දරුවන්ට පරිගණක දැනුම ලබා දීම සඳහා මෙම පුහුණු මධ්‍යස්ථානය ආරම්භ කර තිබේ. ඇත්කඳුර වැවරවුම හන්දියේ පිහිටි මෙම පරිගණක පුහුණු මධ්‍යස්ථානය කාලයක සිට වසා දැමීම හේතුවෙන් ප්‍රදේශයේ සිංහල හා දෙමළ සිසු දරුවන්ට පරිගණක දැනුම ලබා ගැනීමට තිබූ අවස්ථාව අහිමි වී තිබෙන බවද මවුපියෝ ප්‍රකාශ කරති.
මෙම පුහුණු මධ්‍යස්ථානය පිහිටි ඉඩම අක්කර භාගයක් පමණ වන රජයෙන් ලබා දී ඇති ඉඩමකි. පරිගණක පුහුණු මධ්‍යස්ථානය වටා කම්බි කණු මෙන්ම කම්බි දැල් යොදා වට කර තිබෙන අතර, ප්‍රධාන ගේට්ටුව ඉබි යතුරු දමා වසා තිබෙන අයුරුද දැකිය හැක. මේ වන විට මධ්‍යස්ථානයේ විදුලිය විසන්ධි කිරීම සිදු කර ඇතත් මෙම ස්ථානය දැනට පාලනය වන්නේ සෙන්දිල් තොණ්ඩමන් රාජ්‍ය අමාත්‍යවරයාගේ අමාත්‍යාංශය යටතේ බව කිහිප දෙනකුම පැවසුවත් ඔහු සම්බන්ධ කර ගැනීමට අප ගත් උත්සාහය ව්‍යර්ථ විය.